• 17 •

52 7 6
                                    

යිබෝ ශාන්ව පිරිසිදු කරමින් සිටියේ ය. හෙමින්  සීරුවේ ශාන්ගේ ඇගට වතුර වට්ටමින් ඔහුව සියුම්ව පිරිමැද්දේ ය. දැනුනු ඒ සුවදායක බව හමුවේ ශාන් විටෙක දෑස පියා ගත්තේ ය.

" මොකෝ... ද සීතල නැද්ද? " යිබෝ ඇසුවේ ස්නානය කරන විට ශාන් සිතයි කියන නිසාවෙනි.

"මුහුම්.. අද සනීපයි.." ශාන් දෑස පියා ගෙනම කිවේ ය.

"ඒමද? " කී යිබෝ ශාන්ගේ හිස සිප ගත්තේ ය. සබන් ගලවමින් ඔහු දිගටම පිරිසිදු කිරීමේ නිරත වුනේ ය. ශාන් වතුර එක්ක සෙල්ලම් කරන්න වුණි. "වතුර අවුස්සන්න එපා ශාන්.."

"බැ.. මන් අවුස්සනවා.. හුම්.. ආ..." කියමින් ඔහු යිබෝට වතුර ගැහුවේ ය.

"ඔය!! එපා..ශාන්!!! නවත්තන්න...!! ඕයි.. අහ්හ්හ්.....!!! ආ...!!!!"

ශාන් සිනා වේවි යිබෝට දිගටම වතුර පාරවල් ගැහුවේ ඔහුව නාලා මෙන් තෙමෙද්දීයි..

"නව-ත්තන්න... අනේ.. ආ.. හ්හ්.. සබන් සබන්.. ඇහැට ගියා.!!" යිබෝ එකවරම කෑගැහුවේ ය. ශාන් කලබල වුණි.

"අනේ.. බොබෝ.. කෝ බලන්න... මන්.. සබන් ගැහුවේ නැ... කෝ.. ඔයී.... ම්ම්!!" ශාන් කෑගැහුව. ඔහුගේ යිබෝගේ උප්පරවැට්ටියට අහු විය. බොරුවට ඇහැට සබන් ගිය බව හගවා යිබෝ ශාන්ට වතුර ගැහුවේ ය.

"ඇත්ද දැන්? ආවා මෙතන මට වතුර ගහන්න.. හූ..." යිබෝ ඇද කලා..

"අනේ... නපුරා... හුම්! මන් තරහයි..!!"  කියමින් ශාන් අත් බැද ගත්තේ ය. සිනා වූ යිබෝ විත් ශාන්ගේ කරෙන් අත දමා ගත්තේ ය.

"මන් යාලු කර ගන්නද?"

"නැ.. මොනවා කලත් මන් යාලු වෙන්නේ නැ!!!!" රැවූ ශාන් අහක බලා ගත්තේ ය.
සිනා වූ යිබෝ සෙමින් ශාන්ගේ කොපුලක්‌ සිප ගත්තේ ය. නමුත් ශාන් එය පිස දැම්මේ ය.
නැවත සිනා වූ යිබෝ පුටු ඇන්දෙන් අත තබා ශාන් ඉදිරියෙන් දණගහ ගත්තේ ය. ශාන් දිගටම අහක බලාගෙන රවන්න වුණි.
සමච්චල් සිනාවක් මුනට නගා ගත් යිබෝ ශාන්ගේ ගෙලට පාත් වී සිප ගත්තා.. නමුත් ශාන් ප්‍රතිචාර නොදක්කුවේ ය.

"බලන්නකෝ චුටි බබෝ.. ඔයාගේ මමා ඔයාගේ පපා එක්ක තරහ වෙලා..පව් නේද පපා?" තොල් පෙරලමින් ශාන්ගේ කුසට සෙමින් යිබෝ මිමිණුවේ ය. ශාන්ගේ මුව මත සියුම් සිනාවක් ඇදුනි.. "හැබැයි මමා හොරෙන් හිනා වෙනවා මට පෙන්නේ..!"

"අ.. ම්ම්.. මන් හිනා වුනේ නැ.." ශාන් සිනාව නවතා ගත්තේ ය.

"හුම්.. පව්නේ පපා?" යිබෝ දුක්මුසු ස්වරුපයෙන් කිවේ ය.

"පපා තමා ඕන නැති වැඩ කලේ.. හුම්!! "

"ඕක ඉතින් තරහ වෙන්න දෙයක් නෙවේනේ ශාන්? හැබැයි මන් ඔයාව කිස් කරනවා!?"

"හුම්!!"

යිබෝ එකවරම පහත් වී ශාන්ව සිප ගත්තේ ය. ශාන්ගේ හිස පිටුපසින් අත යවමින් දිගටම සිප ගත්තේ ශාන්ද ප්‍රතිචාර දක්වද්දියි..

"දැන් යාලුද?" සිප ගැනීම අවසානයේ යිබෝ ඇසුවා. නමුත් ශාන් අහක බලා ගත්තේ ය.
සිනා වූ යිබෝ දිගින් දිගටම ශාන්ව සිප ගත්තේ ය. කන්, නාසය, තොල්, කොපුල්, ගෙල, පපුව, කුස සියුම්ව සිප ගත්තේ ය.
නමුත් එතනිනුත් පහලට ගියේ ශාන් ඇස් ලොකු කරන් යිබෝ දිහා බලද්දියි.. කෙල ගුලියක් ගිලපු ශාන් ඉක්මනින් යිබෝගේ උරහිසෙන් අල්ල ගත්තා..

"බො-බෝ..ඕක නවත්තන්න.. ඔය ඇති."

"බැ.. ඔයා යාලු නැනේ? " කී යිබෝ ශාන්ගේ කලවා සිප ගත්තා.

"හ්-හරි අනේ... ඕක නවත්තන්නකො.." ශාන් නැවත කීවා. ඔහු දෙස බලපු යිබෝට දකින්න ලබුනෙ රතු වූ කොපුලෙන් අහක බලන ශාන්ව. සමච්චල් සිනාවක් මුවට නගා ගත් යිබෝ එසවී නැවත ශාන්ගේ තොල් මත හාද්දක් තවරුවේ ය.

"මන් ආදරෙයි!"

"හරි හරි.. ආදරෙයි කියලා ඕවා කරන්න ඕන නැනේ..!" ශාන් රතු වී ගෙනම කිවේ ය.

"ආදරේ උනාම මීට වඩා දේවල් කරනවනේ? ඇයි අපි කලේ?!!"

"ඕයි!! කට වහගන්න යිබෝ..!! කාට හරි ඇහෙයි අනේ..." ශාන් කලබල වී යිබෝ කට තද කලේ ය. සිනා වූ යිබෝ ශාන්ගේ අතගෙන සිප ගත්තේ ය.

"කාටවත් කියන්න දෙයක් නැ..! ඔය බඩ ගෙඩිය දැක්කම හිතා ගන්න පුළුවන්!"

යිබෝ කී විට ශාන්ගේ මුව මත සිනාවක් ඇදුනි. ඔහු තම කුස දෙස බලා පිරිමැද්දේ ය. "එයා කවුරු වගේ වෙයිද?"

"අනිවරෙන් මන් වගේ තමා..!! ශාන්ගේ බඩගෙඩියේ ඉන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්... වගේ..සිංහයෙක්!" යිබෝ සිනා වී කිවේ ය. නමුත් ඔහුට එහි යම් අඩුවක් දැනි ගියේ ය.

"එයා කෙල්ලෙක් උනොත්..?"

"එත් මන් වගේ තමා..." යිබෝ ආඩම්බරෙන් කීවා. හා දත් පෙන්වමින් සිනා වූ ශාන් යිබෝගේ කොපුලක් මිරිකුවේ ය. ඉන්න පසු නළල සිප ගත්තේ ය.

"මන් ආදරෙයි බොබෝ..!!"

"මන් ඊට වඩා ආදරෙයි..!!! "

"හුම්..!" සෑම විටම ඉන් පරදින නිසාවෙන් ශාන් තොල් පෙරලුවේ ය.. සිනා වූ යිබෝ ඔහුගේ තොල් මත හාද්දක් තවරා ශාන්ව පිස දමා ඇදුමක් අන්දවුවේ ය.

_______________________

🄷🄰🅃🄴🄳 🄻🄾🅅🄴 | YIZHAN FANFICTION | (COMPLETED)✔️✔️Where stories live. Discover now