• 22 •

31 4 1
                                    

යිබෝ ඉක්මන් කොරිඩෝරය දිගේ දුවගෙන ගියේ පාසලේ සිටි ශිෂ්‍යකුගෙන් අසන්න ලැබුන පණිවිඩය නිසාවෙනි.. ඔහු වේගයෙන් අදාල ස්ථානය කරා දිව ගියේ ය. පාසලේ ඔවුන්ගේ පන්තිකාමර වලට පිටු පස පාලු කොටසේ දී ඒ වන විටත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු තවත් ශිෂයකුට පහර දෙමින් සිටියහ.

"සන්ජින්...!!! චෙන්ග්...!!! ඕක නවත්තපල්ලා බන්.."

"උබ පලයන් අහකට යිබෝ.. මුගේ ගෑස් වැඩි.. මන් මුට කිව්වේ මගේ බෝයිෆ්රෙන්ඩ් වෙන්න කියලා විතරයි.. මු බෑම කියනවා!" ජින් කෝපයෙන් කිවේ ය. පහර කෑමට ලක්‌ වූ ශිෂ්‍යා කොනකට ගුලි වී සිටියේ ය. ඔහුගේ කමිසය මත මඩ පැල්ලම් විය.

"හරි බන්.. ඌ බෑ කියනවා නම් පාඩුවේ හිටපන්.. මුහුදේ එක මළුවද ඉන්නේ යකෝ.." වේගයෙන් කී යිබෝ තම මිතුරන් දෙදෙනාව පසු පසට කලේ ය. "චෙන්ග් මුව එක්කන් පලයන් බන්..ටීචර්ස්ලා දැක්කොත්.. මන් බලා ගන්නම් මෙතන.."

"ඔව් බන්.. අපි යන් ජින්.." චෙන්ග් කියමින් ජින්ව ඇදන් යන්න වුණි. සුසුමක් හෙලු යිබෝ කෙදිරියක් ඇහුන නිසාවෙන් බිම සිටි ශිෂ්‍යා දෙසට හැරුණි. යිබෝ සමච්චල් සිනාවක් පෑවේ ය.

"හහ්!! තමුන්ට එච්චර හය්යක්.. මොකෝ තමුන්ට මගේ යාළුවා එක්ක යාලු වෙන්න බැරි..?ආ? මේ අහපන්.. මන් අද විතරයි උබව බෙර ගත්තේ.. ඊලග දවසේ උබ ජින්ගේ බෝයිෆ්රෙන්ඩ් වෙන්න බැ කිව්වොත් මමයි උබට ගහන්නේ...! තේරුනාද?!!" ඔහු තර්ජනය කලේ ය.

"අ-අනේ.. මට‍.. ගහන්න එපා.. ප්ලීස්..ම්හ්.."

"හහ්!! එහෙනම් කියපු විදිහට වැඩේ කරපන්..! " කී යිබෝ ඔහු දෙසට නැමුණි. බිම බලාගෙන තමන්ට ගුලි වී සිටි කුඩා ශිෂ්‍යාගේ නිකටෙන් එසවුවේ මුහුණ බලා ගැනීමේ අටියෙනි. නමුත් යිබෝගේ දෑස විශාල වී ගියේ ය.
කදුළු කැට ඇස් වල පුරවන් සිටි ශිෂ්‍යා බයෙන් යිබෝ දෙස බැලුවේ ය. ඒ දෑස අතර යිබෝ අතරමන් වුණි..කෙසේ හෝ ඉන් පිටතට පැමිණි යිබෝගේ දෑස හුරතල් මුහුණ පුරාවටම ගියේ යිබෝගේ දෑස ශිෂ්‍යාගේ වෙවුලන තොල් අතර නතර වුනේ නිතැතින්මයි.. තොල අතරින් බේරී යන කුඩා ලේ දහරාව තොල් යට වූ ලපය කපා පෙන්නුවේ සරාගී ලෙසය.. නමුත් විවර වූ තොල් අතරින් පෙනෙන හාවකු වන් දත් නිසා ඔහු තවත් හුරුබුහුටිද විය.

ශිෂ්‍යාගේ දෑසින් ගිලිහි යන කදුළු බිදු ක්ෂණිකයෙන් යිබෝගේ ඇගිලි නිසා මැකී ගියේ ය. යිබෝගේ අත වෙවුලන්න වුනේ ඒ දෙතොල් මතින් එය ගමන් කරන විටයි.. නමුත් ඔහුට ඉක්මනින් සිදු වූ දේවල් ආවර්ජනය විය. ක්ෂණිකවම අත ඉවතට ගත් යිබෝ නැගී සිටියේ ය.
"ගිහින් ක්ලිනික් එකෙන් බෙහෙත් දා ගන්න.."

කී ඔහු එතනින් ඉවතට ඇදී ගියේ ය.

--------------------------

පාසල් කාලය නොදනිම ගෙවී ගියේ ය. ජින් පෙර සිසුවා සමග රණ්ඩු සරුවල් අවම උනි.. නමුත් ඔහු හා යිබෝ ලං වුයේ නොසිතු ලෙසයි.
පාසලේ සැමවිටම තනියෙන් ඉන්න ඔහුට යිබෝ තනි රැක්කේ ය..

"ශාන් අපි ඉක්මනට යන් මැත්ස් ටීචර් ඇවිල්ලද දන්නෙත් නැ.." යිබෝ පොත් බෑගය එල්ලා ගත්තේ ය. හිස වනමින් එකග වූ ශාන්ද බෑගය එල්ලා ගත්තේ ය."ඇයි? මොකද්ද ප්‍රශ්නේ? " ශාන් යන්නේ නැතිව සිටි නිසා යිබෝ ප්‍රශ්න කලේ ය.

"මොනා හරි අමතක උනා වගේ.. ඉන්න බලන්න.. ලොකර් එකේ ඇත්තේ.." කියමින් ශාන් පිටුපසින් වූ ලොකර් එක විවර කර බැලුවේ ය. "ඔව්නේ.. අනේ යිබෝ.. අර පොත අරන් දෙන්නකෝ.."

"අ ඉන්න.." යිබෝ කිවේ ය. ඔහු ඉහල තිබු පොත ගනිමින් ලොකර් එක අසලට ලං වුයේ එතන ශාන් ඉන්න බව අමතක කරමිනි.. ශාන් යිබෝටත් ලොකර් එකටත් මැදී විය. පොත අතට ගත්තත් යිබෝ අතින් එය ගිලිහි ගියේ ය. එයා වැටෙන්න පෙර නමින් ගත් යිබෝ එසවී ශාන් දෙස බැලුවේ ය. නමුත් අහම්බයෙන් ඔවුන්ගේ තොල් ස්පර්ශ විය. ශාන් දෑස විශාල කර ගෙන ඉද්දි මුව මත නැගුනු සමච්චල් සිනාවක් එක්ක යිබෝ තොල් තවත් තද කලේ ය. ඒම ස්පර්ශයට කැමති ඌ නිසාවෙන් ශාන් කිසිවක් නොකර එය විද ගත්තේ ය.

"අ... අපි... යන්ද ක්ලාස් එකට?" සිප ගැනීම අවසානයේ ය්යිබෝ ප්‍රශ්න කලේ ය. තවමත් රත් පැහැ වූ කොපුලින් යුතු ශාන්ව දැක සිනා වී ගෙනම ඔහු අනෙක් පස හැරුනේ පිටව යාමටයි.. නමුත් ශාන් ඔහුගේ කමිසෙන් අල්ල ගත්තේ ය.

"යි-යිබෝ.... මන්... ඒ... මේ... මන්.."

"මන් ඔයාට කැමතියි ශාන්... තවත් හංගන්න බැ.. මගේ බෝයිෆ්රෙන්ඩ් වෙනවද?" යිබෝ එකවරම ප්‍රශ්න කලේ ය. දෑස විශාල කර ගෙන ශාන් යිබෝ දෙස බැලුවේ ය. ඔහු යටි තොල් හපා ගත්තේ ය. නැවත සමච්චල් සිනාවක් නගා ගත් යිබෝ ශාන්ව සිප ගත්තේ ය.. ශාන්ද එයට ප්‍රතිචාර දැක්කුවේ ය.

"මන් කැමතියි..!" ශාන් පිළිතුරු දුන්නේ ය.
.
.
.
.
.
"ඒක හරි ලස්සන හමුවීමක් නේද ශාන්? මන් අපි දෙන්නා අතරේ උන හැම ආදරණිය දේකටම ගොඩාක් ආදරෙයි.." යිබෝ කිවේ ආදරණිය අතීතය ඔහුගේ හදවත නැවත ආදරයෙන් පුරවද්දියි..

ශාන් සිනා විය.

"මාත් එහෙම තමා..."

🄷🄰🅃🄴🄳 🄻🄾🅅🄴 | YIZHAN FANFICTION | (COMPLETED)✔️✔️Where stories live. Discover now