• 19 •

65 9 1
                                    

"නැ.. නැ.. නැහැ..."යිබෝ කදුළු පිස දා ගනිමින් කිවේ ය. නමුත් ශාන් හිමින් නැගිට ඔහු වෙතට අඩි තැබුවේ ය. "කොහෙද යන්නේ ශාන්? කෝ ඉද ගන්න.. එන්න මේ කෑම කමු. "

"බොබෝ.. මට ඇත්ත කියන්න.? ඇයි.. අඩුවේ? ම්ම්? මොකද්ද උනේ?"

ශාන් යිබෝගේ අතින් අල්ල ගෙන වාඩි වුණි. නමුත් යිබෝ සිනා විය.

"මුකුත් උනේ නැ අනේ.. එන්න මේක කමු.."

"බොබෝ...!!"ශාන් තරමක් තදින් කිවේ ය. එකවරම යිබෝගේ පාලනය ගිලිහිනි. ශාන් අසලින් දනගහගත් ඔහු මුහුණ ආවරණය කර ගෙන ඉකි ගහමින් අඩන්න විය.

"ම-මට.. මට සමාවෙන්න.. ශාන්.. අනේ.. ම-ට සමාවෙන්න .. ම-මට ම-ට සමාවෙන්න ශ්-ශාන්...."

"බොබෝ... ඇයි මේ? "

"මන් නිසානේ මේ හැමදේම! මට එහෙම නොකර ඉන්න තිබුනා.. බලන්න දැන් හැමදේම තියෙන්න ඕන අන්තිම නරක තැන තියෙන්නේ ශාන්.. මට සමාවෙන්න..!!" ශාන්ගේ අත් වලින් අල්ල ගත් යිබෝ හිස නමන් කිවේ ය. විටින් විට නාසය ඉහලට අදින ඔහුගේ මුවින් එකපිට ඉකි ගිලිහුණි.. ශාන් තම අත් ගෙන යිබෝගේ මුහුණෙන් අල්ල ගත්තේ ය. ඔහුගේ කදුළු පිස දාමින් කතා කලේ ය.

"එහෙම නැ බොබෝ.. ඇයි මේ ඒ දේවල් ආයේ මතක් කරන්නේ? ඒ හැමදේම ඉවරයි..අනික.. අනික මමනේ... එතනින්.. පැන්නේ.."

"නැ.. නැ...!!! ඒක ඔයාගේ වරදක් නෙවේ ශාන්.. මම නිසානේ ඔයා එතනින් පැන්නේ...මට සමාවෙන්න.. කිසිදෙයක් ඉවර නැ ශාන්.. මට බයයි. මට ඔයාව ආයේ නැති කර ගන්න ඕන නැ.. මට බැ.. මට බයයි.."

" මේ අහන්නකො බොබෝ.. ඒක සිද්ද වෙලා ඉවරයි බෝ.. ඒ දේවල් ආයේ මතක් කරන්න එපා..බලන්න. මට දැන් හොදයි.. අපි ආයේ එකතු උනා.. මේ බලන්න අපිට තව තෑග්ගක් මග එනවා. ඉතින් මොකටද බය වෙන්නේ? " ශාන් සියුම්ව සිනා වී තම කුස පිරි මැද්දේ ය.

"ඔයාට තේරෙන්නේ නැ ශාන් මේකේ බරපතලකම.. මන්.. මන් අයෙමත් ඔයාව කරදරේක පැටලුවා..මන්.." යිබෝ කියවගෙන ගියත් ශාන් ඔහුව සියුම්ව සිප ගත්තේ ය. යිබෝගේ හිස පිරිමැද නලලද සිප ගත් ඔහු සිනා වුණි.

"ඒක අමතක කරන්න.. ඉස්සර උන දේවල්වත්, වෙන්න තියෙන දේවල්වත් හිතන්න ඕන නැ, අපි දැනුයි ජිවත් වෙන්න ඕන බොබෝ.." කී ඔහු නැවත යිබෝගේ නළල සිප ගත්තේ ය. යිබෝගේ දෑසේ වූ කදුළු පිස දැමු ඔහු යිබෝව සෙමින් තල්ලු කලේ ය. "මට බඩගිනියි මෝඩයෝ.. කවන්නකෝ..!"

කට උල් කරමින් ශාන් කිවේ යිබෝ සෙමින් සිනා වෙද්දියි.. යිබෝ ශාන්ට සෙමින් කවන්න විය.
.
.
.
.
.
"දැන් ඔහොම හිටියා ඇති බොබෝ.. හැබයි මන් තරහ වෙනවා!!" බොහෝ වෙලාවක සිට බලා ගත් අත බලන් ඉන්න යිබෝට ශාන්කිවේ තරමක් තදින්.

"ම්ම්" යිබෝ හු මිටි තැබුවා. ඔහු ශාන්ගේ අත පටලවන් හිස් අහස දෙස බැලුවේ ය. හමා ගිය හුලන් පොද ඔවුන්ගේ ගත සනසවන්න වුණි. යිබෝ සෙමින් ශාන්ගේ උකුල මත හිස හොවා ගත්තේ ය.

"ඩොක්ටර් මොනාද කිව්වේ මන් ගැන?" ශාන් ප්‍රශ්න කලේ ය.

"අ?!"

"මොනාද කිව්වේ? මන් ගැන?"

"ප්‍රශ්නයක් නැ කිව්වා.."

"එහෙනම් ඇයි ඔයා ඔහොම ඉන්නේ බොබෝ.. බොරු කියන්න එපා.. මට ඇත්තම කියන්න..
ඩොක්ටර්.. මන් මැරෙනවා..-"

"නැ... නැ..!!! ඔයාට මන් මුකුත් වෙන්න දෙන්නේ නැ ශාන්!!" එකවරම ශාන්ගේ උකුලෙන්  යිබෝ ඔහුගේ කතාව නවතමින් කිවේ කලබලෙන්..ශාන්ගේ මුණ දෝතට ගත් ඔහු ශාන්ගේ දෑස දෙස වදවිමෙන් බලා සිටියේ ය.
ශාන් සියුම්ව සිනා විය.

"මන් දන්නවා බොබෝ.." කී ඔහු නැවත යිබෝව තම උකුල මත ඇල කර ගත්තේ ය.

"ඩොක්ටර් කිව්වා... ඔයාට...ලමයව ඩි-ලිවරි කරද්දී අමාරු වෙයිලු..!..
මට බයය් ශාන්.." යිබෝ කදුළු පාලනය කර ගනිමින් කීවා. ශාන් ඔහුගේ හිස සෙමින් පිරි මැද්දේ ය.

"බය වෙන්න එපා බොබෝ.. මට මුකුත් වෙන්නේ නැ.." ශාන් විශ්වාසය පිරි හඩකින් කීවා. ඈත ආකාසය දෙස බලන් ඔහු කල්පනා කලේ ය.ශාන්ට නැවත වරක් යිබෝව දුකින්, වේදනාවෙන් පුරවන්න අවශ්‍ය නොවීය. නමුත් කිසිදෙයක් ඔහුට අවශ්‍ය විදිහට සිදු නොවුනි..
ඔහු සෑම විටම යිබෝ සමග හුරතල් වුනේ කිසි දෙයක් නොවටෙහෙන නිසාවෙන් නොවේ. ඔහු සම් දෙයක්ම දැන සිටියේ ය. නමුත් ඔහුට යිබෝ තමන් නිසා විදවනවා දකින්න අවශ්‍ය නොවුනි.

යිබෝගේ හිස පිරිමදිමින් ඔහු දෑස පියා ගත්තේ බර සුසුමක් ගනිමිනි..

අනිත් අතින් යිබෝ උගුලක පැටලී ඇති මෙන් ඔහුට දැනුනි. ඔහුට මේ මොහොතේ අවශ්‍ය වුවේ කාලය නතර කර දැමීමටයි.. මේ මොහොත තුල සිරවී මැරෙන තෙක්ම ශාන් සමග සතුටින් සිටීමටයි..

නමුත් එය කිසිවිටෙකත් සිදු නොවන දෙයකි...!

🄷🄰🅃🄴🄳 🄻🄾🅅🄴 | YIZHAN FANFICTION | (COMPLETED)✔️✔️Where stories live. Discover now