ආයිමත් දවසක...13

887 158 12
                                    

ආයිමත් දවසක....13

යශිරට ඇදට වැටුන ගමන්ම වගේ නින්ද ගියා.. උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් උන් දේවල් නිසා යශිරගෙ හිතට වගේම ඇගට දැනුන මහන්සිය නිසාම එයා හීනයක් වත් නොපෙනන තරම් ගැබුරු නින්දක ගිලුනා.. ඇත්තටම යශිරට ඕනි කරල තිබ්බෙත් ඒක.. ඇස් ඇරන් ඉන්න තත්පරයක් ගානෙ ඔලුවට එන මතකයන් වලට වඩා හැගීම් අමතක වෙන ලෝකෙක තනිවෙන්නයි යශිරට ඕනි උනේ..

ආයිමත් එයා ඇහැරුනේ උදේ එලාම් එකේ සද්දෙට..
පාන්දරම අක්කා නැගිටල බත් උයනකොට අක්කට උදව්වට යශිරත් ඇහැරෙන එක අයියලගෙ ගෙදරට ආව දවසෙ ඉදන් යශිර පුරුද්දක් කරගෙන..ඒක නිසාම එලාම් එක එකපාරක් වදිද්දි යශිර ටක් ගාල නින්දෙන් ඇහැරුනා...

අත දික් කරල නිදිමරගාතෙම ෆෝන් එක ගත්ත යශිර එලාම් එක ඕෆ් කරල දාල ආපහු ඇදේ පැත්තක ෆෝන් එක තියන් ටික්ක  වෙලා කල්පනා කරේ අද දවස මොන වගේ එකක් වෙයිද හිත හිත..

තත්පර ගානක් එහෙම ඉදපු යශිර ආයි ඇදෙන් නැගිටල අවුල් වෙලා තිබ්බ් කොන්ඩෙ හදන ගමන් කුස්සිය දිහාට ගියා..

............................................................

" good morning අක්කෙ..."

යශිර කියාගෙන කුස්සියට ඇතුල් වෙද්දි අක්කා එයා දිහා බලල හිනා වුනා...

" good morning. තව ටිකක් නිදාගන්න ලමයො ගිහිල්ලා..."

" නින්ද යන්නෙ නෑ අක්කෙ... මොනවද ඔයා උයන්නෙ...."

"අල තෙල් දාල , බීට්රූට් හදලා  මාලු ඇබුලට හදන්න කියල හැදුවෙ මල්ලි..."

"අඩේ ශෝක්.. මන් පොල් ගාන්නම් එහෙනම්..."

යශිර කියද්දි අක්ක  හා එහෙනම් ගාන්නකො වගේ බැල්මකින් යශිර දිහා බලල ආයි කතා කරන්න ගත්තා...

" ඔයා බදින ගෑනු ලමයනම් ගොඩක් ලකී කෙල්ලෙක් සුදු......"

අක්ක කියද්දි යශිර එක පාරටම ටිකක් පුදුම වෙන ගමන් අක්ක දිහා බැලුවා...

" ඒ මොකෝ අක්කෙ ඔයා එහෙම කියන්නෙ..."

"නෑ ඉතින් .... එයාට හොදයි මොකො කොල්ලට උයන්නත් පුලුවන්..හොදට ලමයි බලාගන්නත් පුලුවන් ..ගෙදර දොරේ වැඩත් පුලුවන්... අනික ලස්සනෙන් අඩුවක් කියලද..."
අක්ක ඇහැක් ගහන ගමක් කියද්දි යශිරගෙ කන් දෙක රතු උනේ දැනුන ලැජ්ජාව නිසා..

ආයිමත් දවසක .Where stories live. Discover now