Chapter 9 💔

244 54 23
                                    


තවත් සතියක් ගෙවිලා ගියේ හරි ඉක්මනට... ජිමින්ට  බෙහෙත් ගන්න එක නතර කරන්න පුළුවන් උනේ Dr.kim එයාට දුන්න බෙහෙත් වලින් එයාව හොඳටම හොඳ උන නිසා.... ජන්කුක්   නිතරම ජිමින්ව බලන්න එන්න පටන් ගත්තා.. එයා එද්දි හැමදාම වගේ ජිමින් ආස කරන දේවල් ගොඩක් අරන් ආවා  ඒ  වගේම  එයාගෙ මේසේ උඩ තියාගන්න ලස්සන ලස්සන දේවල් පුංචි earrings, necklace  එයා කැමති හැම දේම....  ජන්කුක් එයාට දෙන දේවල් තවත් හංගගෙන ඉන්න ඕනි නැති නිසා එයා නිතරම ඒවා පේන තැන් වල තිබ්බා ...  එයාගෙ රින්ග් එක.... ඒක කොයිම වෙලාවක වත් එයාගෙ අතින් ගැලවුනේ නෑ.....

    " ටේයෝ....මේ බලන්නකෝ කුකී දුන්න රින්ග් එක...  එයාටත් ඒ රින්ග් එක දැක්කම මාව මතක් වෙනවා ඇති නේද.... "

  " 375යී..... "

            ජිමින්  ඇස් බැමි උස්සලා ටේ දිහා බලාගෙන හිටියේ ඒ මොන මංගල්‍යයක්ද කියලා අහන්න වගේ....

    " 375යි??? .... ඒ  මොකක් ද..."

  " මේ  සතියට  ඔය රින්ග් එක ගැන ඔහේ මට කියපු වාර ගාන.."

" ඌ...... එච්චර කිව්වද.... බොරුද කොහෙද... "

" .. බොරු..?.. ඉන්නවකෝ අර  පූෂා මට රින්ග් එකක් දුන්න දවසට මම ඔහේට කරන දේ... "

" ආ....ඇයි මට මොනා කරන්න ද...හියූන්....මෙන්න මේ ටේ..ම්ප්..." 

  
      ටේ රවාගෙන එහා පැත්ත බලාගදදි ජිමින් යුන්ගිට ඇහෙන්න හයියෙන් කතා කරද්දිම ටේ පැනපු ගමන් ජිමින්ගේ  කට අත් දෙකෙන්ම වැහුවෙ එයාව sofa එකේ පෙරලගෙන....

      "  පිස්සුද මනුස්සයෝ...ඇහුනා එහෙම නම්...."

         ටේ තාම අත් දෙක ගත්තෙ නැති නිසා ජිමින් එයාගෙ නිදහස් අත් දෙකෙ හිමීට ටේ ගේ ඉණ දෙපැත්තට තියල එක පාරම කිතිකවන්න ගත්තා.... ටේ ගැස්සුන පාරට  වැටුණේ එහෙමම ජිමින්ගේ ඇඟ උඩට...ඉක්මනට නැගිටපු ටේ.. ජිමින්ගෙ හැම තැනම කිතිකවන්න පටන් ගත්තෙ  එයා හයියෙන් හිනා වෙවී දඟලද්දි....  ජිමින්ගෙ හුස්ම එක පාරම හිර උනා..  එයා පපුව අල්ලගෙන හොඳටම කැස්සෙ sofa එකේ කෙලින්  වෙන ගමන්....

      " වතුර....* cough  ටේ....."

    " මන් ඉක්මනට අරන් එන්නම්...."

 We Don't Talk Anymore    |   JIKOOK   [ Completed] ✔️Where stories live. Discover now