08~Love letter💛

849 221 116
                                    

..

..

..

ඔන්න ඉතින් තවත් ලස්සන
දවසක්ලු....ඔය දවසෙත් පුරුදු විදිහට ජාන් ඔෆිස් ගිහින් හිටියා වගේම යීබෝ ස්කූල් ගීහින් ඇවිත් එයාගෙ ටයර් එකේ එල්ලිලා පැද්දෙන ගමං හිටියලු...එයාට ඉතින් ඔය කරන්න වැඩ නැතුව නෙවෙ..දාහක් වැඩ තියෙනවලු...පාඩම් වැඩත් තියෙනවලු...ඒත් ගානක් නැතුව ඔහේ එල්ලි එල්ලි ඉන්නවා..ඔය තරමට මේ කොල්ල මොනාද අප්පාවෙ පැත්තක් බලන් කරන්නේ...කල්පනා කරනවා නේද..ම්ම්...ඒත් ඉතින් ඒ මොනවා ගැනද...අහස පොලොව ගැටගහන්න වගේ කම්මුලටත් අතක් තියන් කල්පනා කරන්නේ....

..පුතා...හ්....කන්නෙ නැද්ද....

ක්‍රිස්ටල් ගේ ඇතුලේ ඉදන් කෑ ගහනවා...ඒත් මේ කොල්ලා ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා....

...කන්න බැරි නම් සැන්විච් හදලා තියෙනවා....බර්ගර් වගේකුත් හැදුවා...

ක්‍රිස්ටල් ආයෙමත් කෑ ගැහුවා..යීබෝ බඩ පිරෙන්න කනවට වඩා ඔය පොඩි පොඩි කෑම කන්න කොහොමත් ආසයි..ඒත් අද නම් කැමැත්තක් නෑ වගේන්...මෙයා හැරිලාවත් බලන්නෙ නෑ.....

..එපාද ලමයෝ..හ්...එහෙනම් මං කිටීට දෙනවා....

ඒත් ගානක් නෑ.....

..සැන්ඩිත් කයි හැබැයි ...එයා ආසයිනේ මේවට...

අම්මියා ගෙදර බලු කුක්කා ගැන කිව්වත් යීබෝට ඇහුනු පාටක් නෑ...නෑ එයාට ඇහුණා..ඒත් ගානක් ගියේ නෑ...හිතන්න ඕනකමකුත් නෑ...ඒ තරමට මෙයාට ප්‍රශ්න වගේ...මොනාද අප්පාවේ ඒ මන්වත් දන්නෙ නැති ප්‍රශ්න ...

..යීබෝ....

ඒ පාර නම් ක්‍රිස්ටල් නෙවේ...පාරෙන් එහා ගෙදරක හිටිය යීබෝගේ යාලුවෙක්...දෙන්නම එකම වයස වගේ....එයාලා හොද යාලුවෝ...වෙනදට මොකක් හරි සෙල්ලමක් කරන්න ඒ යාලුවා කතා කරද්දි යිබෝ උඩ පැනලා ගියත් අද හැරිලා බැලුවෙවත් නෑ.....ක්‍රිස්ටල් නම් ඕන දෙයක් කරගත්තදෙන් කියලා පැත්තකට උනාට අර කොලු ගැටයා නම් එහෙම හිටියෙ නෑ...දුවලා ආවේ යීබෝගේ ටයර් එක ලගට....ඒත් තාම කොල්ලා කම්මුලේ අත ගහන් හීන ලෝකේ ගිලිලා....

..යීබෝ මොකද මේ.

..ම්හ්...

..ඇයි අනෙ මොකද උනේ....

⚽DeNniS ThE MeNacE ⚽ (❤️💚 Completed)Where stories live. Discover now