06~Medicine💛

804 212 79
                                    


..

..

..

..අම්මියේ.....හ්හ් ...

අම්මියෙ.....හ්හ්...

අම්මියේ.....හ්හ්හ්......



හරි...උදෙන්ම පටන් ගත්තා.....රජයේ නිවාඩුවක් ලැබිලත් අහල පහල මිනිස්සුන්ට නිදාගන්න නෑ ...මෙ කොල්ලා ඔෆිස් යනවා වගෙස් පාන්දර හතරෙ ඉදන් නැගිටගෙන අහල පහල මිනිස්සුන්ට වද දෙනවා.....ක්‍රිස්ටල්වත් තාම හරියකට නැගිටලා නෑ ... අඩුම ගානේ පාරේ ලයිට් කනුවල ලයිට් නිවිලාවත් නෑ...කොටින්ම කුකුලාවත් තවම නැගිටින්න හිතලා නෑ...හැමතැනම සීතල ම්දුම පැතිරිලා ගීන් තිබුනත් ජර්සියක්වත් නැතුව කොල්ලා ඔහේ ගේ වටේ දුවන් යනවා... තාම පින්න..අඩුම ගානේ අයිස් කැප් එකක්වත් නෑ....බෝබෝට සීත කාල ගුනේ පුරුදු නිසා හොදයි ඉතින් ..

...මොකද පුතේ කෑ ගහන්නේ.....

ක්‍රිස්ටල් පිට දිගේ වැටුනු කොන්ඩෙ කටුවකින් උඩට කරලා බැදගන්න ගමන් ඇදෙන් නැගිට්ටා....එයාටත් වැඩි වයසක් නෑ....ලොකු කොල්ලෙක් හිටියට තවම තරුණයි.....

..අම්මියේ...හ්....

අම්මියේ....හ්හ්.....

..ඔව් ඔව් ඇහෙනවා.....

පස්ස උඩ දාන් ඉන්න කොල්ලගෙ අප්පච්චියා දිහාත් බලලා ක්‍රිස්ටල් ගිහින් දොර ඇරියා....ඕන් එතකොටම අපේ බෝබෝ බ්‍රේක්වත් ගහගන්න බැරිව දුවන් ඇවිත් අම්මියගේ කරේම එල්ලුනා....බිත්තිය අල්ලගත්තෙ නැත්නම් අම්මයි පුතයි දෙන්නම උදේ පාන්දරම බිම සිපගන්නවා....

..අ...ම්..මියේ..හ්..අම්මියේ...හ්...

...මං ඉන්නවා ඉන්නවා මෙතන..මුලින්ම හති ඇරලා ඉන්න....

..අ..ප්..පච්..චියා...

..ඔව් ඔව් එයත් ඔය ඉන්නේ.මොකද උනේ කියන්නකෝ මේ උදේ පාන්දර හති දාන් දුවන්න තරම්....

ක්‍රිස්ටල් බෝබෝගේ කම්මුල් දෙපැත්‍තෙන් අත් තියලා මූනට බර වුනා...එයා නම් තාම වේගෙන් හුස්ම ගන්නවා....ලොකු දෙයක් වෙලා වගේ....කතාව අහන්න කලින් ක්‍රිස්ටල් ඉක්මනට හුස්ම ගන්න ලේසි වෙන්න කොල්ලගේ පපුව අත ගෑවා...දුවන් ආව වේගෙටම වගේ එයාගේ පපුවත් වේගෙන් ගැහෙනවා....එලියට පැනලා නිසා කොල්ලගේ ඇගම සීතලයි...ඇදුම පුරා පිනි...කොල්ලෙක්ට ඕනාවට වඩා නීති දාන්න හොද නැති නිසා ඒකට ක්‍රිස්ටල් මොකුත් කියන්න ගියෙ නෑ...කොහොමත් උදේ පින්න ඇගට ගුනයිනේ ...

⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now