37~Car💛

503 127 34
                                    

..

..

..

කේන්තියෙන්ම පොත් මිටිය අතට ගත්ත යීබෝ දෙපාරක් නොහිතම ඒකෙන්ම ජාන්ගෙ ඔලුව මැදට පාරක් ගැහුවා කොල්ලට තරු පේන්නම...
ඒ කරලා නහයෙන් පිබින ගමන් නැන්දම්මියටත් ගස්සගෙන දොර ගාවටම ගියා....අම්මාත් මේ මොකද වෙන්නෙ කියලා ඇස් ලොකු කරන් බලන් ඉද්දි යීබො ආයෙමත් හැරුනා....එයා තව මොනාහරි කියන්නයි හැරුනෙ කියලා ජාන් හිතුවත් යීබෝ එකපාරටම දොර ළඟ බිත්තියේ එල්ලලා තිබුනු දෙයක් ඇදලා අරන් අතට ගුලි කරගත්තා....

..බෝබෝට කා එකක් නැත්නම් අන්කල්.ජාන්ටත් නෑ.....

.....................................
.............................
........................
...................
..............
.........
......
....
..
.

උදේම ඉර කාටත් කලින් නැගිටලා ඇවිත් චූටි චූටි මල් පොහොට්ටු එක්ක රහස් කතා කරනකොට කවදාවත් නැතුව එක් කෙනෙක් උදේ පාන්දරම ඇහැරිලා හිටියා.....මීදුම නිසා තවමත් සමහර තැන්වල අදුරක් තිබුනත් එයා අත් දෙකත් පිරිමදින ගමන් පොලොවට දැනෙන නොදෙන ගානට අඩි තියලා යන්න පටන් ගත්තා....ටිකක් පිටිපස්ස හැරිලා බලන ගමන් වගේම ඇස් කොනෙන් ඇවිදන් යන පාර දෙපැත්‍ත බලන ගමන්....ගොඩක් පරිස්සමට ....

..සී...තලයිනේ..හ්..

එයා එයාටම ඒ වචන මුමුනගන්න ගමන් හරි හෙමීට අඩියෙන් අඩිය පින්නට වැහුනු තන ගොල්ලෙන් ඇවිදන් ගියා...ස්ලිපර්ස් දෙක හරහා ගිහින් ඒ පින්නෙ සීතල යටි පතුලට දැනෙනවා....යාන්ත්මට හමාගෙන ගිය හුලගත් එක්ක ඇගේම හිරි පිපෙන තරම්...ඊටත් වඩා අත්වලට උනුහුම් හුස්මවත් පිබින්න බැරි තරමට දත් ඇදි එකට වදිනවා...එකපාරක් ගහන ඇහිපිය ආයෙ අරින්නෙ නැතුව පියාගෙනම එතන වැටිලා නිදාගන්න හිතෙන තරම් සීතලයි...

ඒත් ඉතින් මොනා කරම්නද....මේ වෙලාවෙ නම් කාට නැතත් නින්දට බායි කියන්නම වෙනවා......

..මගෙ වස්තුව.....

ආයෙමත් වතාවක් සීතලේම එයාට මිමිනෙනකොට ඒ ඇස් දිලිසෙන්න අරන් තිබුනා.....පොඩි දරුවෙක්ට චොක්ලට් එකක් අරන් දුන්නා හා සමානව ඒ ඇස්වලින් හාට් විසි වෙද්දි අර ගැහි ගැහි ඇවිදන් ආව කෙනාම ආසාවෙන් වගේම උතුරන සතුටකින් එක අතක් ඉස්සරහට දික් කලා.....එයාගේ වස්තුව අල්ලන්න.....

⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now