03~The ball💛

953 238 95
                                    


..

..

..

..බෝනස්ලු🙂

..

..

..


ඒ ඉරිදාවෙන් පස්සෙ සතිය ආයෙමත් ගෙවිලා ගියේ ජාන් සැනසීමෙන් ගෙවද්දි...මේ වතාවෙ නම් එයා සැනසීමෙන් හිටියේ යීබෝට එක්සෑම් තිබ්බ නිසා...ක්‍රිස්ටල්ගේ කටේ බලේට පාඩම් කරගත්තු කොල්ලට ගෙදරින් එලියට බහින්නවත් ලැබුනේ නෑ....ගිය පාරත් ලකුනු අඩු නිසා මේ වතාවෙ එයා යීබෝගේ ලගින්වත් හෙල්ලෙන්නෙ නැතුව පස්සෙන්ම ඉදන් ඔලුවට ඇන ඇන පාඩම් කෙරෙව්වා.....ඒකට එයාගේ පපාත් උදවු කරලා බලෙන්ම පාඩම් කෙරෙව්ව නිසා යීබෝට කොහොමටවත් දඟ වැඩක් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ...අඩුම ගානේ ගෙදර පූස් පැටියගේ නැට්ටෙන් අදින්නවත්....

ඔන්න ඉතින් දැන් එක්සෑම් ඉවරයිලු....ඒ කියන්නෙ ජාන්ගේ සැනසීමත් ඉවරයි ලු....ඒ උනාට ඒ අසරනයා හිතන් හිටියේ එක්සෑම් තවම ඉවර නෑ කියලා....ඒකට ගොඩක් කල් යයි කියලා......ඒ නිසා එයා එයාගේ පාඩුවේ නිවාඩු දවසක් අල්ලලා වත්තේ පාත්තියේ පැලවලට සාත්තු කරන ගමන් හිටියේ...මොන තරම් කාර්‍යබහුල උනත් ජාන් එයාගේ පැලවලට ගොඩක් ආදරෙයි ....ඒවට දරුවන්ට වගේ සලකනවා....ඉඩක් ලැබෙන වෙලාවට පොහොරයි වතුරයි දාලා බලාගන්නවා...ඔෆිස් එකට යන්නෙත් ගෙදර වැඩට ඉන්න කෙනාට පැල බලාගන්න දීලා...වැඩට ඉන්න ගෑනු කෙනා ජාන්ට උයලා දීලා ගේ අස් පස් කරලා යන්න යනවා.....නිවාඩු දවසට ඒ පැල ටික ජාන් බලාගද්දි වැඩට ඉන්න කෙනාගේ අනිත් වැඩේ උනේ ඒ පැලවලට සාත්තු කරන එක ....

ඉතින් ඔය මල් පැල ටිකත් හරි ජාන්ගේ පනත් හරි ....

කැහැක් කැහැක්....ඔන්න ඒක යීබෝට නම් ඇහුනේ නෑලු ....







රෝස පාත්තියට සාත්තු කරපු ජාන් අත හෝදගන්න කියලා ගේඇතුලට යනවත් එක්කමයි ස්කූල් ඉවර වෙලා යීබො ආවේ....කදු පල්ලම නිසා ස්කූල් වෑන් එකට ගේ ලගටම එන්න බෑ..ඒ නිසා හැමදාම යීබෝ පයින් ටික දුරක් ගෙදරට එනවා....ඒ එන අතරමගදි වන්ග් හවුස් එකට කලින් හම්බ වෙන්නෙ ශියෝ හවුස් එක....ඉතින් යීබෝ කරන්නෙම ජාන් ඉන්නවද කියලා බෙල්ලත් පොඩ්ඩක් කරකවලා පේන්න නැත්නම් වත්තටම පනින එක....ඔන්න ඉතින් අදත් පේන්න නෑනේ එයා.... මොනා කරනවද දන්නෙ නෑ ගේ ඇතුලට වෙලා....යීබෝ යුනිෆෝර්ම් එකවත් ගලවන්නෙ නැතුව බෙල්ල දාලා බැලුවා පේන්න ඉන්නවද කියලා...

⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now