36~Gift💛

536 133 57
                                    

..

..

..

හිතන් ආවා වගේම අඩලා දොඩලා තරහා වෙලා ගෙදරින් ගිය මුරන්ඩු කොල්ලව ජාන් ගෙදර එක්කන් එනකොට ඉර බහින්නත් ලන් වෙලා...ඒ වෙලාවෙම එක්කන් එන්න පුලුවන් කම තිබ්බා උනත් ජාන්ගෙ ඇගෙන් ආව සුවද එයාටම දරාගන්න බැරි තැන නාගන්නම උනා..නිකම් නෙවේ පැය දෙකකට වඩා.....කන් ඇතුලෙ ඉදන් ඉතින් අසරනයගෙ ඌරන්ගෙ ජරාව ගිහින් තිබුනනේ...නාන්න නෙවේ අන්තිමට රෙදි අපුල්ලනවා වගේ එයාවම අතුල්ලගන්නයි ජාන්ට උනේ....

අපේ බෝබෝත් බිනාලගේ බාතෲම් එක ඇතුලට පනින්න හැදුවා ඉතින් උදවු කරන්නම්ද කියලා අහගෙන....ඒත් ජාන් කියන්නෙ හොද හැදියාවක් තියෙන , ලැජ්ජාශීලි කෙනෙක් හින්දා එක කනකුත් රතු කරන් යීබෝව එලියට දැම්මා....

හහ්...මොන පිස්සුද....ඒකට ඇති ලැජ්ජාවක් නෑ ...යීබෝ ඇග අතුල්ලනවා කියල ඇස් දෙක උගුල්ලලා පැනලා යයිද කියන බයටයි ලගටවත් ගත්තෙ නැත්තේ ..

අන්තිමට ඉතින් මිස්ටර් යූගෙ ඇදුමක්ම අරන් ජාන් ගෙදර එනකොට ක්‍රිස්ටල් වගේම මිස්ටර් වන්ග් හිටියා දොරකඩට වෙලා පාර බලාගෙන...යීබෝ කා එකෙන් බහිනවත් එක්කම එයාලා කලබලෙන් වගේ දුවන් ආවෙ ඉස්සරහට...නිකම් නෙවේ අත් දෙකත් දික් කරගෙන මගෙ පුතා කියන ගමන්.....ඒ උනාට අපේ යීබෝ තාම හිත හොද නෑ...එයා බයෙන් වගේ ක්‍රිස්ටල් දුවන් එද්දිම එකපාරටම ජාන්ගෙ පිටිපස්සෙ හැංගුනා.....හරියට නිකම් ක්‍රිස්ටල් පැනලා ගිය එකට ගහයි කියලා බයෙන් වගේ....



..යීබෝ...පුතා....

ක්‍රිස්ටල් අඩලම ඉදිමුනු ඇස් ලොකු කරගෙන මුමුනද්දි යීබෝ කලේ ජාන්ගෙ පිටට කම්මුලක් හේත්තු කරගෙන තව තවත් එයාව බදාගත්ත එක.....ඉතින් එයාට බල කරන්න බැරි තැන ජාන් මොනවත් නොකියා එයාගෙ බඩ වටේ එතුනු පොඩි කොල්ලගෙ අත් දෙකට තට්ටුවක් දැම්මා.....

...යීබො..කොල්ලෝ ..

මිස්ටර් වන්ග් කතා කලත් එච්චරයි උනේ....ජාන් යීබෝට තේරුම් කලා තමා අලුතෙන් බබෙක් ආවා කියලා අම්මලගෙ ආදරේ අඩු වෙන්නෙ නෑ කියලා ..එයා ඒක තේරුම් ගත්තා කියන්න ඔලුවත් වැනුවා...ඒ උනාට ගෙදර ආව ගමන්....අම්මියව දැකලා කලින් උනු දේ ආයෙමත් මතක් උනු ගමන් යීබෝට හැංගෙන්න හිතුනා....අවුරුදු දාහතක්ම තනියම විදපු ආදරේ බෙදිලා යනවා කියන එක ආයෙ ආයේ මතක් වෙද්දි හිත හදාගෙන ආවත් ඇඩෙයි කියලා යීබෝ බය උනා....

⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now