ආයිමත් දවසක...14

860 167 14
                                    

ආයිමත් දවසක.....14

ගෙදර එන තුරාවට යශිරගෙ හුස්මවල් මහා බරකින් එකින් එක හෙලුනත් එයාට අඩන්න පුලුවන් කමක් තිබ්බෙ ණෑ... එයාට දැනුනෙ ඒ වෙච්ච දේ වෙඋවෙන් කදුලු හලන එකේ වටිනාකමක් නෑ වගේ..තවදුරටත් එයාට ඕනි උනේ නෑ ඒ දැනුන අසරන උන හැගීම විදගන්න.. එයාට ඕනි උනේ ඒ අසරන වුනා වගේ හැගීම පපුවෙන් ගලවල අයින් කරල දාන්න... අන්තිමට ගෙදරට කිට්ටු උන යශිර එහෙමම ගෙදර යනව වෙනුවට  බයික් එක හරවන් ආයි ගියෙ ටවුන් එක දිහාට...
ටවුන් එකට ගිහිල්ල පොත් කඩයක් ලගින් බයිස් එක නවත්තපු යශිර ඇතුලට ගිහිල්ල ආයි ආවෙ කතා පොත් දෙක තුනකටව අමතරව නෝට් පොත් වගේකුයි අයියගෙ බබාල දෙන්නට ගත්ත කතා පොත් දෙක තුනකුයි එක්ක...
යශිටර ඕනි උනේ මේ මතකයන්ගෙන් පැනල යන්න ඒක නිසාමයි එයාට පොට්ජක් කියවන්න හිතුනෙ.. පහුගිය ටිකේ තිබ්බ වැඩ එක්ක එයාට කියවන එක ගොඩක් මග ඇරුනා... ඒකමයි හදිස්සියේ ගිහිල්ල යශිර පොත් ටිකක් ගත්තේ..

ආපහු ගෙදර ගිය ගමන් යශිර නාගෙන ඇදුමක් දාගෙන එයාගෙ ලැප්ටොප් එක ඔන් කරන ගමන් ලැප්ටොප් එක ඔන් කරගෙන යශිර එයාගෙ පරන හදල තිබ්බ CV එක එඩිට් කරන්න ගත්තා..පැය  කාලක් විතර cv එක එඩිට් කරපු යශිර එහෙමම ඒක ලොකු අයියට මේල් එකක් දැන්මා.

ඒක දාල ලොකු හුස්මක් හෙලපු යශිර පුටුවෙන් නැගිටින්න කලින් අයියගෙන් කෝල් එක්ක්ක් එද්දි යශිර එයා එක්කම හිනා වෙන ගමන් ෆෝන් එක ආන්සර් කරා...

" ලොකූ... කියන්න..."

"සුදු.. දැන් මොකද හදිසියේ මට ඔයාගෙ cv එක එව්වෙ..."

" හදිසියේ නෙවෙයි ලොකූ .. ඒත් මන් ඔයාගෙන් ඇහුවනෙ  මට ජොබ් එකක් හොයල දෙන්න පුලුවන්ද කියලා..නිකන් ජොබ් දෙන්නෙ නෑනෙ cv එකවත් නොයාවා..."

"සුදු....ඒත්....""

"අනේ ලොකූ.. මන් ඊයෙ ඔයාට කිව්වනෙ ප්ලීස්.. එපා කියන්න එපා අයියෙ මට්  පුලුවන්නම් ජොබ් එකක් හොයල දෙන්න නැත්තන්ම් මන්ම හොයා ගන්නම්.."

යශිර ටිකක් තදින් කියද්දි හරිදු ලොකු හුස්මක් ෆෝන් එකෙන් හෙලුවා...

"හ්ම්ම්ම්.. හරි බලමු.. මන් අද කලින් එනවා පරිස්සමින් ඉන්න එනකම්..."

ආයිමත් දවසක .Where stories live. Discover now