ආයිමත් දවසක...15

831 163 12
                                    

ආයිමත් දවසක....15

හිත කොයි තරම් රිදු රිදි තිබුනා උනත් යශිර පොඩ්ඩක් වත් ඇඩුවෙ නෑ.. එයා කරේ එයා ලගට වෙලා ඉදපු බිනරගෙ පපුවට තුරුල් වෙලා නිදා ගත්ත එක..
ඒත් යශිරට දැනුන ලොකුම පුදුමය උනේ ඒ දැනෙන උනුහුම එයා හිතනවටත් වඩා එයාව සන්සුන් කරපු එක..

කොයි තරම් ඇස් පියාගෙන ඉදියත් යශිරට එක පාරටන නින්ද ගියෙ නෑ.. ඒත් බිනරට නම් ඉක්මනටම නින්ද ගිහිල්ල කියල යශිරට දැනුනේ එයා හුස්ම ගද්දි දැනෙන සන්සුන් බව නිසා.
බිනර නින්දෙන් එහෙ මෙහෙ හැරුන උනත් අන්තිමට ආයිත් යශිර  ලගටම වෙලා ඒ උනුහුමට හීනෙන්ම තුරුල්.උනත් යශිරට ඒක ගැන සිහියක් තිබ්බෙ නෑ මොකද එයා සනීපෙට බිනරගෙ තුරුල්ලෙ නිදන් ඉදපු නිසා..

වෙනද පුරුද්දට යශිර උදේ ඇහැරෙද්දි එයා ඉදියෙ බිනරගෙ පපුවට තුරුල් වෙලා. බිනරත් එයාගෙ අත යශිරගෙ ඇග වටේ යවල හොදට යශිරව එයාට තුරුල් කරන් ඉදියා..

එක පාරටම යශිරව ඒ දේ නිසා පුදුම උනත් ටික ටික ඊයෙ රෑ තිබ්බ මතකයන් එකතු වෙලා යශිරට ඊයෙ උන්  හැම දේම මතක් කරද්දි යශිර එයා ලග සනීපෙට නිදන් ඉන්න බිනර දිහා ටිකක් බලන් ඉදියා...
එයාගෙ සන්සුන් විදිහට උඩ පහල යන පපුව වගේම තාලයකට ගැහෙන හදවතේ රිද්මය යශිරට දැනෙද්දි එයා ඒක අහගෙන ඉදියෙ ඒ දැනෙන සුවපහසු හැගීම් වලින් හිත පුරව ගන්න ගමන්

ජීවිතය මොකද්ද මන්ද නොදන්න හේතුවක් නිසා පිරිල ගිහිල්ලා කියල යශිරට දැනෙද්දි එයාට ඕනි උනේ හැම දාම මේ දැනෙන හැගීම විදගන්න ඒත් ඒක  තාවකාලිකයි නේද කියල යශිරට දැනෙද්දි එයා ලොකු හුස්ම්ක්ක් හෙලලා බිනරව ඇහැරනොවෙන්න එයා ලගින් ඈත්වෙලා ඇදෙන් බැහැලා කාබරෙන් එලියට ගියා.

.........................................................

යශිර පාන්දරම ඇහැරුනත් අක්ක තවම නිදි ඒක නිසා යශිර සද්ද නැතුව කුස්සියට ගිහිල්ල හීටර් එකට වතුර ටිකක් රත් වෙන්න තිබ්බා.
වතුර නටනකම් එයා කරේ හාල් ටික හෝදලා රයිස් කුකර් එකට දාපු එක.
වතුර නටපු ගමන් එයා කෝපි එකක් හදාගෙන ඉතුරු වතුර ටික ෆ්ලාස්ක් එකට දාල ෆ්‍රිජ් එක ඇරින ගමන් උයන්නෙ මොනවද කියල කල්පනා කරා.

ආයිමත් දවසක .Where stories live. Discover now