09~Together💛

804 199 67
                                    

..

..

..





Wang house එකේ එකම කලබලයක්....ක්‍රිස්ටල් එහෙට යනවා...මෙහෙට යනවා.....ෆෝන් එක කනේ ගහන් සැරෙන් සැරේ කාටද මන්දා කතා කරනවා......එක තැනක ඉන්නෙ නෑ.....මොනාදෝ බඩු වගයක් අස් කරන ගමන් ඒවා හරියට තියෙනවද බලනවා...ටිකකින් ගිහින් කොන්ඩෙ අවුල් වෙලාද බලනවා...ෆෝන් එක උරහිසයි කනයි අතරේ රදවන් පර්ස් එක චෙක් කරනවා...හැමදේම හරි කියලා බලලා ඔන්න තවත් බෑග් එකක් පැක් කරනවා....ඒ මූනේ තිබ්බෙත් ලොකු කලබලයක්....කලබලේකට වඩා බයක්...ඒ නිසාම තමා සැරෙන් සැරේ බඩු හරියට තියෙනවද කියලා චෙක් කරන්න ගත්තේ...මොනාහරි අමතක වෙයි කියලා බයේ කොන්ඩ කටුවෙ ඉදන් චෙක් කරන්න ගත්තා...කෝල් කරලා ගේන්න ඕන මොනාද කියලත් අහනවා....

හැමදේම මතක් කරලා තියෙනවද බැලුවා උනත් ඕන් අම්මියට එක දෙයක් අමතක වෙලා.....

බෝබෝ..................



එයා කම්මුලට අතකුත් ගහන් සෝෆා එකේ එරමිනියා ගොතාගෙන එක තැනක ඉන්න බැරි අම්මියා දිහා බැලුවා....කොල්ලගේ කටත් බෙරි වෙලා...මූනත් ඇද වෙලා....නිකම් අඩන්න වගේ...ක්‍රිස්ටල්ගේ මූනත් ඒ වගේමයි.....

...අම්මියගේ නැන්දියා දැන්ම මැරෙන්නෙ නැද්ද අප්පා.....

..පුතා හ්.....!!..මොනාද කියවන විකර ආහ්..කට වහගන්නවා....හොස්පිටල් එකක පන අදින.මනුස්සයෙක්ට කියන කතාවක්ද ඔය ආ....

..බෝබෝ කිව්වාම තමා වැරදි...අප්පච්චියත් දැන් දවස් කීයද ඉදන්ද කියන්නෙ ඔය ගෑනි මැරිලාවත් යන්නෙ නෑනේ කියලා...

..යා...හ්...කඩනවා කට දැන් මං අප්පගෙයි පුතාගෙයි....සුබ ගමනක් යන්න එලියට බහිද්දිවත් කට පියන් ඉන්න බැරි හැටියක්.....එනවා යන්න කේක් ගෙඩිය වගේ ඉදන් ඉන්නෙ නැතුව.......

.එයා කොහොමහරි පැයක් විතර දගලලා ලගේජ් දෙකක් හදාගෙන එලියට බැස්සා...බෝබෝවත් අතින් ඇදගෙනම....එලියට බැස්ස ගමන් ක්‍රිස්ටල් දොර ලොක් කරලා යතුර දොර පඩිය යට පොඩි හිඩසක් ඇතුලට දැම්මා.....එක ලගේජ් එකක් බෝබෝ ඇදන් එද්දි අනික ක්‍රිස්ටල් ඇදන් ආවා......ඒ දෙක ඇදගෙනම ඒ දෙන්නා මල් පාත්ති ටික පහු කරලා ගල් අඩි පාර දිගේ ගියේ එහා වත්තට...ඔව් ඔව් එයාගෙ තමා......

⚽DeNniS ThE MeNacE ⚽ (❤️💚 Completed)Where stories live. Discover now