ආයිමත් දවසක...16

782 155 11
                                    

ආයිමත් දවසක....16



ලොකු අයිය එන්න කියපු වෙලාවටම වගේ ලෑස්ති වෙලා අයියලගෙ ඔෆිස් එක තැනට ගිය යශිර අයියට කෝල් එකක් දීල ‍ඉන්ටවු එකට යන විදිහ අහගත්තා...

යශිරගෙ හැටි දන්න නිසාම අයිය යන්න ඕනි වගේම ඉන්ටවු එක වෙන පිලිවල කියනවට වඩා කිසිම දෙයක් කරන්න ගියෙ නෑ.. ඉතින්
යශිර ඉන්ටවු එකට ගිහිල්ල ඒකටත් මූන දීල ආයිමත් එලියට ඇවිල්ල අයියට කෝල් එකක් ගත්තෙ හිතේ තිබ්බ සතුටත් එක්ක.

"  හලෝ...ලොකූ..."

"ම්ම්..මොකද උනේ..."

"ඒක හරි ලබන සතියෙ ඉදන් එන්න කිව්ව..."

"අඩේ සිරාවට... හොදයි... දැන් වත් මට කනක් ඇහිල ඉන්න පුලුවන්..."

"ඔව් ඔව්.. පුලුවන් තමා..හැබැයි ..."

"හැබැයි මොකෝ...."

"මට ඔයාලගෙ ඔෆිස් එකේ නෙවෙයි වැඩට එන්න වෙන්නෙ..."

"මොකක් එහෙනම්.."

"මාව ගල්කිස්සේ ඔෆිස් එකට අයියෙ වැටුනෙ..."

" ... මන් බොසාට කතා කරල බලන්නද..."

"ඕන් නෑ ලොකූ අනික ලොකු දුරක් නෙවෙයිනෙ මන් එතනට යන්නම්..."

"ම්ම්.... හරි.. දැන් ඔයා ගෙදර යනවද.."

" ඔව් ලොකූ...."

" හරි පරිස්සමින් යන්න ....බුදු සරනයි..."

"බුදු සරනයි ලොකූ..."

කෝල් එක කට් කරල දාපු යශිර ෆෝන් එක සාක්කුවෙ දාගෙන හෙල්මට් එකේ බකල් එක තද කරන් බයික් එක ස්ටාට් කරා...

ගෙදර යනව වෙනුවට යශිර ගියෙ ගල්කිස්ස පැත්තට... එයාට ඕනි උනා අලුතින් වැඩ කරන්න වෙන තැන කොයි වගේ එකක්ද කියලා බලන්න ඒක නිසාමයි අයියට ගෙදර යනව කිව්වත් ආයි මේ ආවෙ...
අලුත් ඔෆිස් එක තියන බිල්ඩින් එක ලගටම ගිහිල්ල එතන ටිකක් වෙලා රවුමක් ගහපු යශිර ආයි බයික් එක හරව ගත්තෙ මුහුද බලන්න ඕනි කියල හිත කෑ ගහ ගහ කියපු නිසා....

බයික් එක ගල්කිස්සෙ බීච් එක පැත්තට හරවපු යශිර පාර දිගේ ඉස්සරහට ගියෙ බයික් එක නවත්වන්න හොද තැනක් හොයාගන්න..

ආයිමත් දවසක .Where stories live. Discover now