ආයිමත් දවසක...17

798 158 28
                                    

ආයිමත් දවසක....17


යශිරගෙ කලබලෙන් එයාගෙ අත් වලින් පපුවට තුරුල් කරගත්ත ඒ ආගන්තුකයාගෙ  මැලවුන මූන දකිද්දි එයාගෙ හිත කඩාගෙන වැටුනා එයාගෙ
ඇගේ තිබ්බ රස්නය යශිරට තදින් දැනෙද්දි යශිර  එයාව කොහොම හරි උස්සගෙන එතනම තිබ්බ කාබරේ ඇතුලට ගියෙ ඒක තමා  එයාගෙ කාබරේ කියල හිතන ගමන්..
යාන්තමින් කාබරේ ඇතුලට ගිහිල්ල සිහිය නැතුව ඉදපු කෙනාව ඇදෙන් හාන්සි කරපු යශිට ඒ කෙනා දාගෙන ඉදපු සපත්තු ගලවල දාල ටයි එකත් බුරුල් කරල ඊලගට එහෙ මෙහෙ බැලුවෙ මොකද්ද මන් කරන්නෙ කියල හිතන ගමන් වගේ..

ඒ කෙනාගෙ සාක්කුවෙ දාගෙන ඉදපු ෆෝන් එක යශිර කලින්ම අයින් කරා ඒක තිබ්බෙ ඇදේ පැත්තක එක පාරටම ඒකට කෝල් එකක් එද්දි යශිර දැක්කා කෝල් එකේ සහස් මල්ලි කියල සේව් කරල තියනවා..
යශිර මොකුත් හිතුවෙ නා කෝල් එක ආනසර් කරේ දන්න කාරම හරි කියන්න ඕනි නිසා..

"හලෝ...."

"හලෝ.. චලන අයියෙ..."

"හලෝ... මන් චලන නෙවෙයි චලනට අසනීපයි හොදටම...ඔයා එයාගෙ පවුලෙ කවුරු හරිද.."

"මොකක්..ආ ඔව්.. ඔව් ඒ මගෙ අයියා කෙනෙක්.... අයිය කොහෙද ඉන්නෙ..."

"අපි එයාගෙ ගෙදර ඉන්නෙ .. එයාට හොදටම උන... දැන් ෆේන්ට් වෙලා මන් මොකද කරන්න ඕන් මන් එයාව හොස්පිටල් අරන් යන්නද..."

යශිර කලබල වෙලා කියද්දි එහාපැත්තෙන් ආපු කටහඩත් කලබලයි කියල එයාට දැනුනා...

" හරි... ඔයාල ඔහොමම ඉන්න මන් ගෙදරට එන ගමන් ඉන්නෙ මන් ටක් ගාල එන්නම්..."

කියල කෝල් එක කට් වෙලා යද්දි යශිර තත්පර ගානකට ඔහේ බලන්  ඉදියෙ හිතට පොඩිම හරි සහනයක් දැනුන නිසා...

.............................................................

යශිර දන්න තරමින් හැම දේම කරා.. කෝල් එක ආවට පස්සෙ තමා යශිර දැනගත්තෙ මේ හම්බවුන ආගන්තුකයගෙ නම චලන කියලා..

එතකොට ඔයාගෙ නම චලන නේද..

යශිර එයාටම හිතෙන් කියාගන්න ගමන් චලන ඇදන් ඉදපු ශර්ට් එකේ බොත්තම් ටික ටිකක් ලිහිල් කරල දාගෙන දදපු සපත්තු දෙක වගේම මේස් දෙකත් ගලවල චලනට ඇදේ පහසුවෙන් ඉන්න පුල්වන් විදිහට හැරෙව්වා..

ආයිමත් දවසක .Where stories live. Discover now