ආයිමත් දවසක...18

757 162 16
                                    

ආයිමත් දවසක....18

යශිර සහස්ගෙත් කවින්දගෙත් මූනු මාරුවෙන් මාරුවට බැලුවෙ හිතේ තියන අමුතුම තිගැස්ම එක්ක..

යශිර දන්න තරමින් කවින්දට ඉස්කෝලෙ යන දවස් වල හැමතැනම කෙල්ලො ඉදියා...

" කවී..."

සහස් තරවටු කරන ස්වරයකින් කියද්දි කවින්ද සහස් දිහා බැලුවෙ යාන්තමට සහස්ගෙ කම්බුලක් උඩ එයාගෙ තොල් නතර කරන ගමන්...

" සොරි කොල්ලො උබව ශොක් කරන්න හිතල කිව්වෙ නෑ.. අනික අවුල් ගන්න එපා හොදේ..."

කවින්ද වැරැද්දක් කරා වගේ කියද්දි යශිරට කවින්ද පවු කියල හිතුනා...

" අනේ නෑ බන් නෑ.... congratulations දෙන්නටම..."

යශිර හිනා වෙලා කියද්දි සහස්ගෙයි කාවින්දගෙයි මූනුවල අමුතුම හිනාවක් පිරිල යනව යශිරට දැනුනා...

" ඉතින් කවදද දැන් වෙඩින් එක..."

"දවසක් තවම නෑ කොල්ලො... අනික මන් සහස්ට ප්‍රපෝස් කරලත් තවම මාසයක් වත් උනේ නෑ...."

" අඩේ සිරාවට.. කවද බැන්දත් කමක් නෑ මට වෙඩිම කියපන් හරිද මන් අනිවා එනව..."

"අයියෝ ඕක මොකද්ද බන්.අනිවාර්යයෙන්ම උබට ඉන්වයිට් එක එනවා...ඇත්තටම සොරි බන් මට උබව මිස් උනා.. උබව විතරයි නෙවෙයි මගෙ පරන යාලුවො ගොඩක් මිස් උනා.. ඉතින් ආයිමත් ලන්කාවෙ ඉන්න එකේ පරන පිස්සො ටික එක්ක එකතු වෙලා ඉන්නත් ආසයි බන්..."

සහස් හිනා වෙවී කියද්දි යශිරගෙ ඔලුවෙ තවම රැදුනෙ සහසුයි කවින්දයි ගැන..

යශිර දන්න තරමින් සහස් වගේම කවින්ද පරනම යාලුවෝ.. සහස් කවී කියාගෙන ඉස්සර ඉදන්ම කවින්ද පස්සෙ වැටිල ඉද්දි කවින්දටත් සහස් තරම් වටින කෙනෙක් ඉදියෙම නැති තරම්... ඒ දවස් වලම ඒ දෙන්නගෙ මේ යාලු කම ගැන යශිර දැනන් ඉදියත් එයා කවදාවත් හිතුවෙ නෑ දෙන්නගෙ යාලු කම කම මේ තරම් දුර යාවි කියලා...

" කවී... කෝ පොඩ්ඩක් මට යන්න දෙන්න චලන අයියව බලන්න ඕනි ටිකක්..."

සහස් කවී ලගින් එහෙ මෙහෙ වෙලා කියද්දි කවී සහස්ට එහෙමම ඉන්න දීල එතනින් නැගිට්ටා...

ආයිමත් දවසක .Where stories live. Discover now