ආයිමත් දවසක....19

766 151 27
                                    

ආයිමත් දවසක....19

යශිරත් අයියත් අතර නිහඩව ගෙවුන කාලය තත්පරයෙන් තත්පරය වැඩි වෙද්දි යශිරට දැනුනෙ ඒ කාලය පැයකටත් වඩා වැඩී කියලා..
යශිර අයිය දිහා ආයිමත් අයිය දිහා කෙලින්ම බැලුවෙ නැ..යශිරට ලැජ්ජ වෙන්න වත් බය වෙන්න වත් හේතුවක් නොතිබුනා උනත් යශිරට අයිය දිහා බලන්න පොඩි චකිතයක් දැනුනා..

තවත් තත්පර ගානක නිශ්ශබ්දතාවකින් පස්සෙ යශිරට ඇහුනා අයියා ලොකු හුස්මක් හෙලවනා...ඒ හුස්මෙ සද්දෙත් එක්ක යශිර අයිය දිහා ආයි යාන්තම් හැරෙද්දි අයියගෙ එක අතක් යශිරගෙ ඔලුව උඩ නතර වෙලා යශිරගෙ කොන්ඩෙ අවුස්සලා දැන්මා..

" ලොකූ...."

යශිර පැටලුන කටහඩකින් කතා කරද්දි අයිය කතා කරනා යශිරට ඇහුනා..

" මට මේ ලෝකෙන්ම දැන් පවුලෙ සහෝදරයෙක්ට කියන ඉන්නෙ ඔයා විතරයි සුදු මල්ලි...මොනම දෙයක් නිසාමවත් මන් උබව නැති කරගන්න ලෑස්ති නෑ.   අනික මන් ඔයාගෙ අයිය උන පලියට ඔයාගෙ ජීවිතයට අතගහන්න අයිතියක් නෑ.. ඇත්ත ඔයා තවත් කොල්ලෙක් එක්ක ජීවත් වෙනව දකින එක මට හිතාගන්න අමාරුයි තමයි.. ඒත් ඒක මට කරදයක්වත් ප්‍රශ්නයක් වත් නෙවෙයි... එකපාරටම මේ හැමදේම බාරගන්න මන් දන්නෙ නෑ සුදූ... ඒත් මන් ඔයාට ගොඩක් ආදරෙයි.. මට කාලය දෙන්න.. අනික මන් අක්ක එක්ක මේ දේවල් කතා කරාට කමක් නෑ නේද..."

"කමක් නෑ ලොකූ..."

"හරි.. මන් මොකුත් ඉල්ලන්නෙ නෑ මට ටික කාලයක් දෙන්න.. එච්චරයි.."

"තෑන්ක්ස් ලොකූ...."

"උබට පිස්සු බන්..කෝ මෙහෙ දීපන් ඔය මගෙ එක මන් කුස්සියට යනවා..."

අයිය එහෙම කියාගෙන යශිරගෙ අතේ තිබ්බ කෝප්පෙ අරගෙන කුස්සිය දිහාට යද්දි යශිර අයිය දිහා බලන් ඉදියෙ ඇත්තටම ලොකු නිදහස් මනසකින්....

...........................................................

ෆෝන් එක චාර්ජ් වෙනකම් බලන් ඉදපු යශිර  ඒක ඔන් කරපු ගමන් අනික් පැත්ත්ට්ට කවීගෙ නම්බර් එකට කෝල් එකක් ගත්තා..

ටිකක් වෙලා රිංග්ස් ගිය ෆෝන් එක එක පාරටම ආන්සර් වෙද්දි යශිර ටිකක් කලබලෙන් කතා කරන්න ගත්තා..

ආයිමත් දවසක .Where stories live. Discover now