ආයිමත් දවසක....20

812 155 21
                                    

ආයිමත් දවසක...20

" Goo..good morning ...."

යශිර පුටුවෙන් නැගිටින ගමන් පැටලි පැටලි කියද්දි එයාගෙ එහාපැත්තෙ හිනට් ඉදපු චලන් ලස්ස්න හිනාවකින් මූන පුරව ගන්න ගමන් කතා කරන්න ගත්තා...

" Good morning යශිර මල්ලි...."

යශිරගෙ කට හායි ගාල ආයි ඇරුනෙ චලන එයාගෙ නම් දන්නෙ කොහොමද කියල හිතන ගමන්.

" මොකෝ මේ බයවෙලා වගේ..."

"නෑ.. නෑ අයියෙ ඔයා මෙහෙ..."

"ම්ම්.. මන් තමා ඔයාගෙ බොස්... "

චලන හරිම සන්සුන් විදිහට කියල එයාගෙ සීට් එකට යද්දි ආයිමත් යශිර පුදුමෙන් කල්පනා කරේ දයිවය මහ අමුතු දෙයක් නේද කියලා...

මුලින්ම චලනව අහම්බෙන් පාරෙදි මුන ගැහෙනවා.. ඒ නිසාම කවී වගේම සහස්ව ආයි මුනගැහෙන්න ලැබෙනව... දැන් හා පුරා කියල ආපු ජොබ් එකේ එයාගෙ බොස් විදිහට අහම්බෙන් හම්බ් උන් චලන ඇවිල්ලා....

"යශිර.. නම හරි  නේද.. මමත් සිකුරාදා තමා දැනගත්තෙ ඇසිස්ටන් මැනේජර් පෝස්ට් එකට ගත්තෙ ඔයාව කියලා..."

"ඔව්.. ඔව් චලන සර්...."

යශිර ටිකක් පැටලිලා කිව්වෙ අයිය කියල කතාකරන්න ගිහිල්ල අමාරුවෙන් ඒක නවත්තගන්න ගමන්..

මොනවා උනත් මේ ඉන්නෙ එයාගෙ බොස් කියලා එයා මතක තියාගන්න ඕනි කියල යශිරගෙ හිත කිව්වා..

" සර් කියන්න ඕන් නෑ මල්ලි.. ඔයා චලන කියලම කතා කරන්න.. මට ඒක පහසුයි..."

"ආ.. හරි අයියෙ.."

"හරි.. ඔයා උදේට කාල එහෙමද ආවෙ... නැත්තම් ඔයාට ගිහිල්ල බ්‍රෙක්ෆස්ට් එක ගන්න පුලුවන්..."

"මම කාල ආවෙ චලන අයියෙ..."

"හරි.. එහෙනම් අපි 8.30 වෙද්දි වැඩ පටන් ගමු.. දැනට ඔහොම ඉන්නකො.."

" හරි.. ආ මේ අයියෙ..."

"ම්ම්..කියන්න..."

සීට් එකෙන් නැගිටල යන්න හදපු ගමන් නවත්තවලා චලන අහද්දි යශිර කතාකරන ගත්තා..

" ඔයාට දැන් කොහොමද...."

"ම්ම්.මට හොදයි මල්ලි... තවම පොඩි තෙහෙට්ටු ගතියක් තියනවා ඒ හැරෙන්න ශේප්.. "

ආයිමත් දවසක .Where stories live. Discover now