ආයිමත් දවසක...21

788 149 21
                                    

ආයිමත් දවසක...21

වේගෙන් ආපු කාර් එක දූවිලි අවුස්සගෙනම් යශිරයි චලනයි ලග නතර වෙද්දි යශිර කාර් එකේ වීදුරුව දිහා හොදට බලාගෙන ඉදියෙ මේ ආව තදියම්කාරය කවුද කියල හිත හිත ඒත් එක්කම කාර් එකේ අනික් පැත්තෙ දොර ඇරිල ටිකක් කේන්තියෙන් ඉදපු මූනක් එලියට මතු වෙද්දි යශිරට පොඩි හිනාවක් ගියා...

" සහස් ... අයියෝ බබා.. මන් ජෝක් එකක්නෙ කරේ..."
කවීගෙ කටහඩ කාර් එකෙන් ඇහෙදී සහස් මහ හයියෙන් අරල තිබ්බ කාර් එකේ දොර වහල දාලා යශිරයි චලනයි ඉදපු තැනට ආවා..

" සහස්.. මල්ලි.. මොකෝ මේ..."

" මේ බූරුව එක්ක බෑ අයියෙ දෙන්න හිතෙනව එකක් මට...."

"ම්ම්.. හරි අපි යමුකො ගෙට...."

චලන එහෙම කියල ඉස්සර වෙද්දි  යශිර ලෑස්ති උනේ බයික් එක ස්ටාට් කරන් යන්න...

" යශ්... උබ කොහෙද යන්න හදන්නෙ..."

"ගෙදර බන්..."

යශිර සහස්ට උත්තර දෙද්දි සහස්ගෙ මූන තව ටිකක් අදුරු උනා..

" ටිකක් ඉදල යන්න බැරිද..."

සහස් අහද්දි යශිර සහස්ගෙ මූන දිහා බලල ආයිමත් හැරිලා බැලුවෙ චලන දිහා...

සහස් යශිරට ඉන්න කියද්දි චලන යටි හිතෙන් සහස්ට තැන්කියු කිව්වෙ යශිරට  නොයා ඉන්න තරම් හේතුවක් චලනට කියාගන්න පුලුවන් කමක් නැති නිසා...
මොකද්ද මන්ද හේතුවකට මේ පොඩි කොල්ලා චලනගෙ හිතේ අමුතුම ඉඩක් අරන් කියල චලනට දැනුනා.. ඒ අද ඉදල නෙවෙයි  එයා අසනීප වෙලා ගෙදර යද්දි යශිරව දැක්ක මොහොතෙ ඉදලා...

අසනීපෙන් වැටෙන්න යද්දි එයා ලගට ඇවිල්ල ...

" අයියෙ ඔයා හොදින්ද ..."

කියල අහපු මොහොතෙ ඉදල චලනගෙ හිතට  යශිරගෙ ඇස් කා වැදිල වගේ චලනට දැනුනේ..
ඒකටත් වඩා එයා පුදුම උනේ අලුත් පුරප්පාඩු වෙලා තිබ්බ පෝස්ට් එකට අරගෙන තියෙන්නෙත් යශිරවමයි කියල.දකින කොට...
ඒක දැනගද්දි චලනගෙ හිත කොයි තරම් නම් ගැස්සුනාද කොයි තරම් .සතුටු උනාද කියනවනම් චලනගෙ එක අතක් පපුව උඩ නතර උනේ කවදාවත් නැතුව...
ඒ ඔක්කොම අතරෙ එයාගෙම මල්ලි කෙනෙක් විදිහට එයා සලකන සහස් වගේම කවින්දගෙ හොදම යාලුවෙක් යශිර උන එක..
ඒ හැම දේම එක්ක චලනට දැනුනෙ යශිර එයාගෙ ජීවිතේ ලොකුම ලොකු ඉඩක් අරගෙන වගේ....

ආයිමත් දවසක .Where stories live. Discover now