ආයිමත් දවසක...22

776 160 26
                                    

ආයිමත් දවසක...22

" කියන්න අයියෙ....."

"ම්ම්ම්ම්...වොශ් දාන්නෙ නැතුව ඉන්න අමාරු ඇති කියලා හිතුනා..අවුලක් නැත්තම් මන් ඇදපු නැති ඇදුමක් තියනව වොශ් එකක් දාගන්න...."

චලන කියන විදිහට යශිරට බෑ කියන්න හිතුනෙ නෑ.... ඒක නිසා එයා චලනට හා කියල එයා පෙන්නපු බාත් රූම් එකට ගිහිල්ල දොර වහල දාල ඇදන් ඉදපු ඔෆිස් කිට් එක ගලවලා දාලා නාන්න පටන් ගත්තා..

නොකීවට යශිර  ඉදියෙ ඇත්තටම ආමාරුවෙන් තමා මොකද යශිර දාඩිය දාගෙන ඉන්න ආසම නැති නිසා...

සීතල වතුර ඇගට වැටෙද්දි යශිරට දැනුනෙ ලොකු සනීපයක් ඉතින් එයා හිතේ හැටියට නෑවා.. ඒත් ටිකකින් තමා මතක් උනේ ගෙදර වගේ නාන්න මේ ගෙදර නෙවෙයිනෙ ඉන්නෙ කියලා.. ඒක නිසාම ටක් ගාල ශවර් එක වහල දාල එයා චලන දීපු ටවල් එකෙන් කොන්ඩෙ පිහිදගෙනම ඇදන් ඉදපු යට ඇදුමත් ගලවලා දාල ටවල් එක ඉන වටේට ගැටගහගෙන  චලන දුන්න ශෝටයි ටී ශර්ට් එකයි ඇදගත්තා...
තෙත ඇදුම් ටික යශිර අතට ගත්තෙ කුස්සිය පැත්තෙන් එලියෙ ගැට ගහල තිබ්බ වැලක් මතක් උන නිසා..
ඉතින් එයා අඩියට දෙකට ඇවිදලා කුස්සියට ගිහිල්ල කුස්සියෙ ඉන්නෙ කවුද කියල වත් නොබල එලියටම ගිහිල්ල අතේ තිබ්බ ඇදුම් ටික වැලට දැන්ම...

ඇදුම් ටික වැලට දාල ආයි එද්දි කුස්සියෙ ඉදියෙ කවීයි සහසුයි විතරයි ..යශිර එද්දි දෙන්න එක්ක මොනවද උයනවා...

" කොහෙද බන් කඩාගෙන බිදගෙන ගියෙ..."

කවී යශිරගෙන් අහද්දි යශිර පුටුවක වාඩි උනේ කරවටේ දාන් ඉදපු ටවල් එකෙන් ඔලුව පිහිදන ගමන්මයි...

" තෙත ඇදුම් ටික වැලට දැන්ම බන් ගිහිල්ල......කෝ චලන අයියා..."

".ම්ම්ම්.. අන්න කඩේට යන්න ඕනි කියලා ගියා..."

සහස් කිව්වෙ ලිපේ තිබ්බ මොකක් උනත් හැදිගාන ගමන්...

" පයින්ද...."

"නෑ බන්..පයින් තමා යන්න හැදෙවෙ මන් බල කරල කාර් එකේ  යැව්වා... ඒ මනුස්සයත් වෙලාවකට හරි මුරන්ඩුයි...
අපේ ලොකූ කී පාරක් කාර් එකක් දෙන්න හැදුවද... ඒත් මේ ටික යන්න කාර් මොකටද අහල  නිකන් ඉන්නවා...."

ආයිමත් දවසක .Where stories live. Discover now