01 කොටස

4 0 0
                                    

රැන්ඩි.. එන්නකෝ..

රැන්ඩි.......

ඔයා කොහෙද ඉන්නේ..

එන්නකෝ ලමයෝ.. මට මේ බඩු ටික බාන්න උදව් කරන්නකෝ..

රැන්ඩී.......

වරෙන්කෝ බන්..

මාව තනියම යැව්වත් එක්ක සුපර් මාර්කට් එකට.. දැන්වත් වරෙන්කෝ මේක බාන්න උදව් කරන්න.. ඒත් නෑ.. මොනා කරනවද මන් දන්නෑ..

සැරෙන් සැරේ ගේ දිහත් බලන ගමන් කෑගහලා නැති පාර තමන්ටම මුමුන ගන්න ගමන් කාර් එකේ ඩිකියේ තිබ්බ බෑග් හතර පහක්ම අත් දෙකෙන්ම අරගෙන ගේ ඇතුලට ගියා..

ඉස්සරහ දොරත් හෝසෙට ඇරලා දාලා මේ මගුල කොහේ ගිහින්ද මන්දා.. එක්කෝ මට උදව් කරන්න වෙන නිසා ඕකි ඇති හොද්දක් හැදි ගගා සද්ද නැතුව කිචන් එකට වෙලා..

මුමුනමින් බනින ගමන් ඇය කිචන් එකට ගියේ අඩියට දෙකට.. ගිහින් රැන්ඩිව කනෙන් ඇදගෙන එක්කගෙන එන්න හිතන්..

කෝ.. මේකි නෑනේ..

රැන්ඩි........

කෝ ඔයා..

බය කරන්නේ නැතුව වරෙන් බන්..

එක පාරටම උඩ තට්ටුවෙන් මොනා හරි පෙරලෙනවා වගේ සද්දයක් ආවේ ඇයව කලබල කරලා.. විනාඩියක්වත් පමා වෙන්නේ නැතුව දුවගෙනම පඩි පෙල නැග්ගේ ඇයට පුලුවන් තරම් ඉක්මනට..

දෙයියනේ රැන්ඩි..

මුනින් අතට බිම වැටිලා හිටිය රැන්ඩි බාගෙට නැගිටින ගමන් හිටියේ..

ලේ විලක් මැද්දේ රැන්ඩිව දකිද්දි කෙල්ලට නිකන්ම කෑගැහුනා..

ඌ වින්ඩෝ එකෙන් පැන්නා ෆේත්.. හරි අප්..

රැන්ඩි දිහා බලන එක නවත්තලා ඉන පිටි පස්සේ තිබ්බ ගන් එක ඇදලා ගන්න ගමන්ම ෆේත් වින්ඩෝ එක ලගට ගියා..

ෆේත් එබිලා බලද්දිත් කලු ඇදගත්ත මනුස්සයෙක් තාප්පෙ උඩ ඉදලා එයා පැත්තට පැන්නේ ගන් එක ලෝඩ් කරලා ශූට් කරද්දිම වගේ..

ඌට වැදුනා..

එහෙම කෑ ගහගෙනම ෆේත් වින්ඩෝ එකෙන් පැන්නා පහල ස්ලැබ් කෑල්ලට.. එතනින් බිමට.. දුවගෙන ගිහින් තාප්පේ උඩට නැගලා බලද්දිම ඌ කොර ගහ ගහම වෑන් එකකට නැග්ගා..

 Devil's Love DuelWhere stories live. Discover now