ආයිමත් දවසක....23

697 156 25
                                    

ආයිමත් දවසක....23

බිනරගෙ කතාවෙන් පස්සෙ දෙන්න අතරම තිබ්බෙ ලොකු නිහැඩියාවක්...

"මන් මොකද්ද මල්ලි කරන්න ඕනි..මට ඌව යවලත් බෑ.. එයා විතරයි මල්ලි මට ඉන්නෙ අනික එයාව නොයවත් මට බෑ... මොකද මන් දන්නව එයා ලන්කාවෙ ඉන්න තත්පරයක් ගානෙ විදවන්වා කියලා..."

බිනර අයියා යශිරගෙ පපුවට තුරුල් වෙලා කියද්දි යශිරට එයාගෙ වේදනාව හොදටම දැනුනා..
ඒ වගේම විශාල්ගෙ වේදනාවත් යශිරට හොදටම දැනුනා.. මොකද යශිරත් ඒ වේදනාව විදල තියන නිසා.. ඒත් යශිරට විශාලව නොලැබුනත් අඩෙමගානෙ  එයාව දකින්න වත් ලැබුනා ඒත් විශාල්ට අනූශිව නැති උනේ සදහටම...

" අයියට හිත හදාගන්න පුලුවන්නම් එයාට යන්න දෙන්න.. "

යශිර හොද හුස්මක් අරගෙන කිව්වෙ හිතට එකගවමයි..මොකද ඇත්තටම යශිරට විශාල් වෙනුවෙන් කරන්න වෙන කිසිම  දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නැති නිසා..

" ඒත් මල්ලි..."

"මන් දන්නව අයියෙ විශාල් ඔයාගෙ මල්ලි.. ඔයාට එයාව ඈත් කරන්න බෑ කියලා ඒත් විශාල්ට විතරයි එයාගෙ හිත හදාගන්න පුලුවන්.. ඒක කරන්න ඕනි එයා...ඒකට අපි කොයි තරම් අත දාන්න උදව් කරන්න හැදුවත් එයාගෙ හිත හදාගන්න එක කරගන්න ඕනි එයාම විතරයි.. මන් හිතන්නෙ ඒකට අපිට කරන්න පුලුවන් ලොකුම උදව්ව එයා ගන්න තීරනයකට ඉඩදීල බලන් ඉන්න එක විතරයි..."

යශිර කියල ඉවර වෙද්දි බිනර ලොකු හුස්මක් හෙලල යශිරගෙ පපුවෙන් ඈත් වෙලා ඔලුව කොට්ටයක් උඩින් තියාගත්තා...

"අයියෙ..."

"කියන්න යශ්..."

"ඔයාට තරහ ගියාද මන් කියපු දේ නිසා..."

"නෑ මල්ලි.. මන් දන්නව ඔයා කියන දේ හරි ඒත් මගෙ හිතට ඒක බාරගන්න ටිකක් අමාරුයි ..."

"ම්ම්ම්....ඔයාට තනියම ඉන්න ඕනිනම් මන් අනික් රූම් එකට යන්නම්...."

යශිර කිව්වෙ බිනරට හිතන්න ඉඩ දෙන්න ඕනි කියල දැනුන නිසා...

" එපා...."

එක පාරටම යශිරගෙ අතක් තදින් අල්ල ගත්ත බිනර ආයි යශිරව එයා ලගට ඇදලා අරගත්තා...

ආයිමත් දවසක .Where stories live. Discover now