ආයිමත් දවසක....24

725 160 10
                                    

ආයිමත් දවසක...24

යශිර ගෙදර යද්දි බිනර යශිරලගෙ ගෙදර ඇවිල්ලා හිටියා...
බිනරයි හරිදුයි ලොකු කතාවක කියලා යශිරට බැලු බැල්මටම පෙනුනා..
යශිර බයික් එක නවත්තද්දිම වගේ බිනර යශිර දිහා බලල හිනා වෙද්දි යශිර හෙල්මට් එක ගලවගෙන ගෙට ආවා..

" බිනර අයියෙ දැන්ද ආවෙ..."

"ඔව් සුදු මල්ලි... "

"මන් වොශ් එකක් දාන් එන්නම් ටක් ගාල..."

යශිර කියද්දි බිනර ආයිමත් හිනා උනා..
එයාගෙ ඇස් නැවතිලා තිබ්බෙ යශිරගෙ මූන දිහාමයි...

ඒත් එක්කම හරිදු යශිරට කතා කරා...

" සුදු මල්ලි... අක්කට කියන්නකො තේකක් හදන්න කියලා.."

"හරී...."

යශිර කියාගෙනම ගේ ඇතුලට ගියා ...

................................................................

යශිර නිවී සැනසිල්ලෙ නාගත්තා..නාගෙන කරගෙන ඇදගෙන එයා එලියට යනව වෙනුවට මුලින්ම ගියෙ කුස්සියට ...
යද්දි අක්ක උදේ අරන් ගිය කෑම පෙට්ටි අස් කරනවා...

" අක්කෙ..."

"සුදු මල්ලි.. කියන්න... ඔයාටත් තේකක්  හදන්නද.. අයියලට මන් තේ දුන්නා..."

"ම්ම්..මන් හදාගන්නම් අක්කෙ... කෝ බබාල දෙන්නා.."

"අන්න අපේ අම්මල අරන් ගියා මල්ලි.... ආ අනික තව දෙයක්......"

"ම්ම්ම්.. කියන්න....."

"අපි නුවර යන්න කියලා හෙට ඔයත් එනවද...."

අක්කා අහද්දි යශිර තේ හදන එක නවත්තලා අක්ක දිහා බැලුව..

" මොකද අක්කෙ හදිසියේම ...."

"අනේ කියල වැඩක් නෑ සුදු.. අපේ අම්මලගෙ වැඩ දන්නවනෙ.... ඊයෙ එහෙ ගිය වෙලාවෙ හරිදුයි මමයි නිකමට කතා උනා කාලෙකින් කොහෙවත් ගියෙත් නෑ කියලා.. ඒ කියල කට ගන්න උනේ නෑ අප්පච්චි අහනවා නුවර යමුද කියලා.. ගිහිල්ල දවස් දෙකක් විතර ඉදල එමුලු.. අනික හෙටත් නිවාඩුවක් තියන නිසා අනික් දවස නිවාඩුවක් දාගත්තොත් ආයි වීකෙන්ඩ්නෙ..."

අක්ක කියද්දි යශිරට යන්න ආස හිතුනත් අනිද්දා නිවාඩු ගන්න පුලුවන් කමක් යශිරට තිබ්බෙ නෑ.. මොකද ඒ වැඩට ගිහිල්ල තවම ටික දවසක් උනා නිසා...

ආයිමත් දවසක .Where stories live. Discover now