ආයිමත් දවසක...25

986 150 31
                                    

ආයිමත් දවසක...25

කවී කියන්නෙ කාර් එක හිමින් අරන් යන්න දන්න මනුස්සයෙක් නෙවෙයි කියල කාර් එකට නැග්ගට පස්සෙ යශිරට දැනුනෙ කීවෙනි වතාවටද කියල එයාට මතක නෑ..

සහස් බැන්නොත් පොඩ්ඩක් වේගෙ අඩු කරනව ආයි ටිකකින් කලින් හිටපු වේගෙම තමයි...

යශිර හිනා වෙවී කල්පනා කරේ කාර් එකේ ඉස්සරහින් රන්ඩු වෙවී යන සහසුයි කවීයි දිහා බලන ගමන්..
කවී සහස්ව අවුස්සනව මොකක් හරි කියල ඊට පස්සෙ සහස්ගෙ පාරක් ගුටිකනව.. ආයි විනාඩියක් යන්න නෑ කවීගෙ අත සහස්ගෙ අත එක්ක පැටලෙනව නැත්තම් සහස්ගෙ ඔලුව අතගානවා..
මේ හැම දේම යශිර බලන් ඉදියෙ ආසාවෙන්...
ඒ දේ දකිද්දි යශිරගෙ හිත එයාටම පොඩි තට්ටුවක් දාල යශිරට ආයි මතක් කරේ උබටත් එහෙම ආදරයක්..
උබේ ලගින්ම ඉදන් උබ එක්ක රන්ඩු කර කර බලාගන්න ආදරයක් තිබ්බනම් හොදයි නේද කියලා.. ඒත් ඒ එක්කම යශිරට මතක් උනේ විශාල්ට ආදරේ කරන දවස් වල පුංචි දේකින් පවා එයාගෙ හිත කොයි තරම් නම් රිදුනද කියල ඒක මතක් වෙද්දි යශිර හුස්මක් හෙලලා වාහනේ ජනේලෙන් ඈත බලාගත්තා.

" යශිර ....යශිර ...."

චලන දෙපාරක් විතර කතා කරල උරහිස්සකට අතක් තියන්නකම යශිර ඉදියෙ වෙනමම ලෝකෙක කියලා චලනගෙ හිත කිව්ව..

"ආ... කියන්න අයියෙ.. සොරි මට ඇහුනෙ නෑ...."

යශිර කලබල වෙලා චලන දිහා බලලා කියද්දි චලනට හිතුන යශිරව ඇදල අරගෙන එයාගෙ සුදු කම්බුල රතු වෙන්න මිරිකලා බලන්න.. ඒ තරම් ඒ මූනෙ හුරතල් බව වගේම අමුතුම අහිංසක කමක් පේද්දි චලන අතේ තියාගෙන ඉදපු මුරුක්කු පැකට් එක යශිර දිහාට දික් කරා...
තත්පර ගානක් යනකම් යශිර කරේ චලන අතේ තියන් ඉදපු මුරුක්කු පැකට් එකයි චලනගෙ මූනයි දිහ් මාරුවෙන් මාරුවට බලන එක..

" ඒ චලන අයියෙ කන දෙයක් මටත් දීල කනවා මට බඩගිනී..."

කවී කාර් එක ඩ්‍රයිව් කරන ගමන් කියද්දි යශිර ටක් ගාල මුරුක්කු ටිකක් අරගත්ත..

මුරුක්කු ටික කකා ආයි යශිර සද්දයක් නැති කොට චලනට යශිරව කතාවට ඇදල ගන්න ක්‍රමයක් තිබ්බෙ නෑ .. මොකක් නමුත් ලොකු කල්පනාවක යශිර ඉන්නෙ කියලා චලනගෙ හිත කියද්දි සහස්ට ඒක තේරුන වගේ සහස් යශිරට කතා කරා..

ආයිමත් දවසක .Where stories live. Discover now