dancing with your ghost

4 0 0
                                    

ලස්සනම මන්දාකිණියක අයිනෙ,
ගල් බැම්මක් උඩ ඉඳගෙන,
මගෙ ඔලුවෙ තියෙන හැමදේම කියන්න ඕනෙ...
Big bang එකට කලින්
ඔයාට කියන්න බැරිවෙච්ච හැමදේම,

එකින් එක ඔයාට කියන්න ඕනෙ...

එතනත් නවතින්නෙ නැතුව
මුලු universe එක පුරාම ඇවිදිමු,
තව universes හම්බුනොත් ඒවටත් යමු..
ඉර, හඳ පහු කරගෙන,
තරු උඩ ඇවිදගෙන යමු....

උල්කාපාත වැස්සක නටන්න ඕනෙ මට,
Sinatra ගෙ "Fly me to the moon"
සින්දුව ඇහෙද්දි,
ඔයාගෙ ඇස් ඇතුලෙ
අතරමං වෙන්න ඕනෙ...
කිසිම තැනක හැමදාටම
නවතින්නෙ නැතුව,
මට ඔයත් එක්ක ඇවිදින්න ඕනෙ රෝමියෝ...

- vanya 🧑🏻‍🚀

1 Dec 2022

RomeoWhere stories live. Discover now