ඔබ නැතුව ඔබ එක්ක

6 1 0
                                    

මට වෙලාවකට හිතෙනවා,
ඔයා ඉන්නෙ මගෙ ඔලුව ඇතුලෙ කියලා..

පැය ගනන් ඔයා එක්ක කියවන හැමදේම මං මටම කියාගන්න දේවල් කියලා..

ඇත්තටම ඔයා රෝමියෝ වෙලා, මං ජුලියට් වෙලා හිටපු ජීවිත කාලෙදි මට ඔයාව සදහටම මග ඇරෙන්න ඇති..

ඉන්පස්සෙ ඉපදෙන හැම ජීවිතේම මං ඔයාගෙ ඇස් දෙක හොය හොයා ඉබාගාතෙ ඇවිදින්න ඇති,

කරන්නම දෙයක් නැති අසරණ කමට මං මේ පාර ඔයාව මගෙ ඔලුවෙන් මවාගන්න ඇති...

ඉතින්,

ඔයා හොඳින්ද රෝමියෝ? පරිස්සමෙන් ද? ඔයා දන්නවා නේද මං ඔයාට ඉන්නවා කියලා?

"ආයෙත් දූවිලි වලටම හැරුනම, පොරොන්දු උන විදියටම මාව හොයාගන්නවා නේද?"

- vanya 🧑🏻‍🚀

#imgoinginsane

7 Dec 2022

You've reached the end of published parts.

⏰ Last updated: Feb 07, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

RomeoWhere stories live. Discover now