☆ Chapter 03 ☆

615 83 14
                                    


Few hours ago

" ඇ....ඇයි ජන්ග්කුක් තමුන් මට මේ වගේ දෙයක් කලේ ? ඇයි.. ඇයි මට මෙහෙම කලේ.. මම දැනන් හිටියා මගේ ජීවිතය හිතන තරම් ලස්සන වෙන්නෙ නැහැ කියලා..  ඒ.. ඒත් මේ තරම්.... මට නෙවෙයි මේ මැරේජ් එක ඕන වුනේ ඔයාටමයි.. ඉතින් ඇයි... ? "

සෝහා ඇහෙන නොඇහෙන ගානට කිවන්න ගත්තෙ පිස්සුවෙන් වගේ. සෝහාගෙ ඇඟ දිගේ ගලන වතුරවල සීතලවත් කෙල්ලට දැනුනෙ නැති තරම්.

කෙල්ලට දැනුනෙ එයාගෙ මුලු ජීවිතයම විනාශ වෙලා ගියා වගේ හැඟීමක්. ජන්ග් කුක්ගෙ විදිහට හැඩ ගැහෙනවා කියලා කොච්චර හිතුවත් සෝහාට දැන් තමයි තේරෙන්නෙ ඒ දේ කරන්න ගොඩක් අමාරුයි කියලා.

ශවර් එක යටම සීතල වතුරට තෙමි තෙමි ගුලි වෙලා පැයක් දෙකක් නෑ මුලු රෑම සෝහා ඇඬුවත් සෝහාගෙ හිතේ දුක තාමත් එහෙම්මමයි.

සෝහා ඇස්වල කඳුලු පිහදාගෙන නැගිටින්න හැදුවෙ උදේ වෙලා කියලා දැනුන නිසා උනත් සෝහ්ට අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි උනේ දැනුන කරකැවිල්ල නිසා.

Back to present

ජන්ග් කුක්ට එක පාරටම මතක් උනේ කෙල්ල ඊයේ රෑ අඬාගෙන වොෂ්රූම් එකට දුවපු විදිහ. නිකමට ජන්ග් කුක් කාමරයට ඇවිත් වොෂ්රූම් එක අරින්න හැදුවත් ඒක ඇතුලින් ලොක්.

" සෝහා !!! සෝහා !!! තමුසේ මොනවද ඕක ඇතුලේ කරන්නෙ ? කතා කරනවා.... "

ජන්ග් කුක් කෑ ගගහා දොරට ගැහුවත් ඇතුලින් කිසිම සද්දයක් ආවේ නෑහැ. ඒවත් බලන් ඉන්නෙ නැතුව ජන්ග් කුක් වොෂ්රූම් එකේ දොර කැඩුවේ තිබ්බ කලබලයටමයි.

ඒත් ඒ දැක්ක දෙයින් ජන්ග් කුක්ට තවත් තරහ ගියා වගේම පලවෙනි වතාවට තමන් ගැනම වරදකාරී හැඟීමක් ජන්ග් කුක්ට ඇති උනා.

සෝහාගෙ මුලු ඇඟම තෙත් වෙලා වගේම තෙත් උන ඇඳුම්වලින් සෝහාගෙ මුලු ඇඟම ජන්ග්කුක්ට හොඳින් පෙනුනා. ජීවිතේට හැඟීම්වලට මුල් තැන නොදුන්න ජන්ග් කුක්ගෙ හිත ටිකක් ඒ රුවට ගැස්සුනේ නැහැ කිව්වොත් ඒක බොරුවක්.

ඒත් හැඟීම්වලටත් වඩා ඉස්සර උනු මොකක්දෝ දෙයක් තවත් පරක්කු නොකරම සෝහාව bridal style එකට වඩාගත්තෙ තවත් සෝහාව ඒ විදිහට තියන්න බැරි නිසා.

 My Mafia Husband | ᵒⁿgoingDär berättelser lever. Upptäck nu