☆ Chapter 04 ☆

474 63 5
                                    

ජන්ග් කුක්ගෙ පිය වෙලා තිබුන ඇස් වලින් පේන සුන්දර ජන්ග් කුක් නම් නෙවෙයි ඇස් ඇරියම ඉන්නෙ කියලා සෝහාට හොඳටම තේරුනේ තරහටම ඇස්වල නහරවලුත් උලුප්පගෙන සෝහා දිහා බලන් ඉන්න ජන්ග් කුක්ව දැක්ක නිසා.

" ජ...ජන්ග් කුක්.. ත.. තමුන්... "

සෝහා බයෙන් වෙව්ල වෙව්ල ඇඳේ පස්සෙන් පස්සට ගියේ බෙඩ්ශීට් එකත් තදින් අත්වලටම ගුලි කරගෙන.

ජන්ග්කුක්ට හොඳටම තරහ ගිහින් උනත් ඉන්නෙ ජන්ග්කුක්ට ඕන උනේ නැහැ ආයෙමත් සෝහට රිද්දන්න.

බයෙන් වෙව්ලන සෝහා දිහාවට තවත් ඇඟ සීතල වෙලා යන බැල්මක් දාපු ජන්ග්කුක් සයිඩ් ටේබල් එක උඩ තිබුන වීදුරුවත් පොලොවෙ ගහගෙන යන්න ගියේ සෝහාගෙ ඇස්වලට කඳුලු කැට එක දෙක උනද්දි.

සෝහා ඉකි ගගහම බලන් හිටියෙ ජන්ග් කුක් කාමරයෙන් යනකම්. ඇත්තටම ජන්ග් කුක්ට ඇති උනේ ක්ෂණික කේන්තියක් විතරයි. ඒ ජන්ග් කුක්ගෙ හැටි. ජන්ග් කුක්ට ඕන උනේ නැහැ ඒ තරහව සෝහාට පෙන්නන්න.

සෝහා ඉකි ගගහම ඇඳෙන් බැහැලා බිම තියෙන වීදුරු කටු එකින් එක අහුලන්න ගත්තෙ එයාගෙ ඇස්වලින් වැටෙන කඳුලුවලට ඔහේ ගලාඝෙන යන්න ඉඩ දීලා.

කඳුලු පෙර පෙර නහයත් උඩට ඇද ඇද වීදුරු කටු ඇහිඳින සෝහාගෙ අත ඒ වීදුරු කටුවකටම කැපුනත් ඒකෙන් උනේ කෑ ගැහිල්ලක් වෙනුවට සෝහාගෙ ඉකිය වැඩි උන එක විතරයි.

වීදුරු කටු උඩින්ම ඇවිදගෙන ආපු ජන්ග්කුක් සෝහාටවත් හිතන්න වෙලාවක් නොදී සෝහාව නැගිට්ටුවේ කෙල්ල ගැස්සෙද්දි.

සෝහා කලේ බයටම බිම බලාගත්ත එක උනත් ජන්ග් කුක් කලේ සෝහාගෙ නිකටින් අල්ලලා ඒ මුහුණ දිහා බලපු එක.

ඒ ඇස් කතා කරනවා. කියාගන්න බැරි ගොඩක් දේවල් ඒ ඇස්වලින් පේනවා. ඒත් ඒ කිසිදෙයක් සෝහාටවත් ජන්ග්කුක්ට වත් තේරුම් ගන්න බැහැ.

ජන්ග් කුක් සෝහාව ඇඳ උඩින් වාඩි කරවලා first aid box එකෙන් ප්ලාස්ටර් එකක් අරන් තුවාලෙට දැම්මෙ සෝහා පුදුමෙන් ඒ දිහා බලන් ඉද්දි.

ආයෙම සෝහා දිහා බලපු ජන්ග් කුක් සෝහාගෙ නළලට කෙටි හාදුවක් දුන්නෙ සෝහාගෙ පුදුම උන ඇස් තවත් විසල් වෙද්දි.

 My Mafia Husband | ᵒⁿgoingWhere stories live. Discover now