Chapter 3

138 13 1
                                    

After 4 months

Author pov

එදත් වෙනද වගේම සාමාන්‍ය දවසක්....
ටෙසා jeon කම්පැනි එකේ වැඩට ගිහින් මාස හතරකුත් වෙලා...ඒත් කාටවත් මාස හතරක් ගෙවුනා කියල දැනුණේවත් නෑ
හැමෝගෙම කාර්යබහුල ජීවිත නිසා මාස හතරක් ගෙවිලා ගියේ කාටත් නොදැනීම..ඒත් ඒ මාස හතරට ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බ , ටෙසා ට හියුන් ලා හත් දෙනාගෙම ආදරේ නොඅඩුව ලැබුණා..ඔව් ජන්ග්කූක් දැන් ඉස්සර හිටිය වගේ නෙවෙයි ගොඩක් වෙනස් කෙනෙක් වෙලා...ඒ වෙනස හැමෝටම තේරුන...ඒ වගේම හැමෝම දැනගෙන හිටිය ඒ වෙනසට හේතු වුනේ කව්ද කියලත්...ජන්ග්කූක් ගේ හිතේ ටෙසා ගැන කැමැත්තක් තිබ්බත් කොල්ල ඒක හිතේම හිරකරගෙන හිටියෙ කෙල්ලට ඉඟියක් වත් නොදී , කෙල්ලගෙ හිතෙත් ටික ටික කොල්ල ගැන හැඟීමක් ඇති වුනේ කෙල්ලව හීන ලෝකෙක අතරමං වෙද්දි...ඒත් දෙන්නට දෙන්න කවදාවත් ඒ ගැන කිව්වෙවත් ඇගෙව්වෙවත් නැති වුණාට , දෙන්නම දැනගෙන හිටිය අනිත් කෙනත් තමන්ට කැමති කියල...මේ ආදර කතාව ගැන අනිත් හැමෝමත් දැනගෙන හිටියට එයාල දෙන්නම එයාලගේ හැගීම් තනියෙන් තේරුම් ගන්නකම් හැමෝම පාඩුවෙ හිටිය...මේ අතරේ sara යි suho යි nursery යන්නත් පටන් ගත්ත ...sara ටත් හොඳ යාළුවෙක් හම්බුනා...suho නම් යාලුවො එකට ගොඩක් හදන් හිටිය..කොහොමත් කොලු පැටියා ඒකට දක්ෂයි නේ..🤭 මේ දඟමලු දෙකගෙ වැඩත් කරගෙනම ටෙසා එයාගෙ ජීවිතේ නිදහසේ ගෙව්වා...ලියාගෙ ගෙදරින් ආපු කෙල්ල වෙනමම apartment එකක් ගත්ත...ඒ වගේම ajumma ත් බබාල දෙන්නව හොදට බලාගත්ත...liya එයාගේ apartment එකේ ඉන්නවට වඩා ටෙසා එක්ක තමයි ගොඩක් කාලය ගතකරේ ... ටෙසා ට අලුත් නූනලා ටිකකුත් හම්බුනා....ඔව් ඒ ජින් ඔප්පගෙයි නම්ජූන් ඔප්පගෙයි හොබී ඔප්පගෙයි වයිෆි ලා තමයි 😌🤚 ජින් ඔප්පට හිටිය ලස්සන පොඩ්ඩෙක්
ඒ වගේම නම්ජූන් ඔප්පටත් ලස්සන පොඩ්ඩියක් හිටියා
එයාලට ටෙසා එක්ක හරි ඉක්මණට ෆිට් වුනා මොකද ටෙසා ළමයි එක්ක යාලු වෙන්න දක්ෂ නිසා...ටේ  ත් liya ට පැණි හැලුවා 🤭 ඒත් liya නම් ගණන් ගන්නෙවත් නෑ හැබැයි ඔප්ප වැඩේ අත ඇරියෙත් නෑ , ජිමිනාත් අර සොෆියා කියන කෙල්ල එක්ක යාලු වුණා...දෙන්නගේ හෙනම ලව් එක දැන් 😂🌸 අපෙ නිදිකුම්බර යූන්ගියා ටත් එක පාරටම ලව් සික් එක ගැහුවා කොල්ලටත් දැන් gf කෙනෙක් ඉන්නවා එයා හොබී එක්ක වැඩ කරන ඩොකා කෙනෙක් 🤭
මේව මෙහෙම සිද්ද වුණත් ටෙසාගෙ අතීතෙ ගැන කිසිම දෙයක් එයා කාටවත් කිව්වෙ නෑ ,liya ත් ඒව කියන්න ගියේ නෑ මොකද ටෙසා තරම්ම ලියා ත් ඒ අතීතෙට ගොඩක් වෛර කරා... තාමත් කිසිම කෙනෙක් ටෙසාගෙ ළමයි දෙන්න ගැන දන්නෙත් නෑ ... ටෙසා ට ඒක කියන්න උවමනාවක් තිබ්බෙත් නෑ liya ත් ඒක කියන්න ගොඩක් බය වුණා ආයි කෙල්ලටයි ළමයි දෙන්නටයි ප්‍රශ්ණයක් වෙයි කියල... එදා සිද්ධියෙන් පස්සෙ ටෙසා ටිකක් ශොක් වෙලා හිටියත් කාලයත් එක්ක එයාට ඒක මග හැරුණා ... ඒ වගේම ආයි කෙල්ල මීර ව දැක්කෙත් නැහැ....හැමදේම හොදට සිද්දවුනා හරියට කුණාටුවක් එන්න කලින් තියන නිහැඬියාව වගෙ...හැමෝම සතුටෙන් හිටියත් මේ දිහා බලාගෙන තව කෙනෙක් වියරු වැටිලා හිටියා........

secret 🖤🌙 JJK FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 )Where stories live. Discover now