2.හැගීම්

79 26 2
                                    

Jungkook POV

මා ඉදිරියෙ සිටින සුර දූතයා මගෙ අතේ තිබුණු ෆයිල් එක දිහා ඕනෑකමින් බලාගෙන සිටියා.


"ඔය ෆයිල් එකේ තියෙන ෆොටෝ එක ගොඩක් පරනයි...., ඔකේ හිටපු කෙනා දැන් නැ...එයා ආපහු එන්නෙත්නැ.."

ජිමින් සිනාසෙමින් කිව්වා.

"මම ඔයාගෙ අලුත් psychiatristඉතින් කොහොමද... ඔයා ගැන මට ටිකක් කියන්නකො.."

මම මඳ සිනහවක් පාමින් කිව්වා ඔහු පාක් ජිමින් බව මට අමතක වීමට පටන් ගත්තේ ඔහුගේ සුන්දර බව නිසාද...නැත්තම්....

"මට කතා කරන්න හිතෙන්නෙ නෑ"


ඔහු ආපසු හිස් බිත්තිය දෙසට හැරුනා, මම සුසුමක් හෙලමින් ඔහු ගේ ඇඳ ළඟට යන තුරුම ඇවිදගොස් ඇද මත වාඩිවෙලා,ඔහුගේ උරහිස මත මගේ අත තැබුවත් ඔහු හිස වේගයෙන් දෙපසට සොලවමින් ඇස් කෙළවරින් මා දෙස බලා,

"තමුසෙගෙ අත එහාට ගන්නවා..!!"


ඔහු සීතල කටහඬ මා බිය පත්කලා කිව්වොත් නිවැරැදි, මම වහා පිටුපසට ඇදී ගියේ මටත් නොදැනීමයි.
ඔහු මා වෙතට ඇවිදආ අතර මට දැනුණේ මගේ හදවත වේගයෙන් ගැහෙන බවක් දැනුනා. ඒත් ඇයි මට මෙහෙම දැනෙන්නේ..?


"තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නෙ...? මං ඔයාව දන්නෙවත් නැ..කොහොමද මගෙ ඇගට අත තියන්න හිතන්නෙවත් "

ඔහු නැවතත් සීතල කටහඬ අවදි කලා.

"ඔව්, මම ඔයා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ
ඉතින් මම කිව්වා ඔයාට මට කියන්න කියලා,
ඔයා ගැන"

මම සීතල ස්වරයකින් ආපහු  කීවේ බිය උපදවන බැල්මකින් යුතුවයි.


"කැත විදිහට මගෙ දිහා බලන්න එපා"

ඔහු පැවසුවේ ඔහුගේ දෙතොල් මත සිනහවක් නගමින්.


"ඉතින්.. ඔයා තමා කොරියාවේ ඉන්න භයානකම මනුස්සයා, ඒ වුනත් ඔයා තාමත් මනුස්සයෙක් ඒවගේම ඔයාටත්  හදවතක් තියෙනවා "

මම  මගේ බැල්ම මෘදු කරමින් කිව්වා.



"මට ඒක සැකයි"


ඔහු කීවේ අහක බලාගෙනමයි.


"මම කාටවත් කියන්නෙ නැ"

𝙿𝚜𝚢𝚌𝚑𝚘 𝓑𝓫𝔂 ♡ Jikook ♡  ✅Where stories live. Discover now