11.වැදගත්මදේ නින්ද

50 14 6
                                    

Jimin POV

හිරු එළිය ඇස් වලට වැටුණු නිසා මම අඩක් දෑස් විවර කරලා එලිය සැර වැඩි නිසා කෙඳිරිගාද්දී එළිය අවහිර කිරීමට අතක් මගෙ දිහාවට දික්වෙලා තියෙනවා මං දැක්කා, එවිට මම සම්පූර්ණයෙන්ම දෑස් විවර කරද්දී ජන්කුක් මගේ කොණ්ඩය සමඟ සෙල්ලම් කරමින් මා දෙස බලාගෙන ඉන්නවා දැක්කා,මං මූන රතු කර ගෙන ඔහුගේ පපුවේ මුහුණ සඟවා ගත්තා.

"ඇයි ඔයා ඇහැරුනේ? මං ලස්සන ඒන්ජල් කෙනෙක් නිදාගෙන ඉන්න දිහා බලාගෙන වෙනම ලෝකෙකට ගිහින් හිටියේ..."

jungkook ගැඹුරු පහත් ස්වරයෙන් කියද්දී , රතු පැහැය වැඩි වන විට මම සිනාසුනා.

"මං ඒන්ජල් කෙනෙක් වගේ නෙවෙයි" මම කලබලෙන් කිව්වා

" 'වගේ' නෙවෙයි ඔයා තමා මගෙ ඒන්ජල් !" Jungkook විරෝධය පළ කරමින් කිව්වා.

"මං ඒන්ජල් කෙනෙක් නෙවෙයි!"

"ඒන්ජල්!"

"නෑ-"

"ඔයාලා දෙන්නට කට වහගෙන ඉන්න පුළුවන්ද! ඔයා මගේ නින්ද විනාස කරා! ඔයාට මාව ඇහුන්නැද්ද!
මගේ නින්ද!!"
යුන්ගි හියුන් කාමරේ දොර ලග ඉදන් නිදිමත කටහඬකින් කිව්වා.

"ඔයා දැන් ඕනෙවට වැඩි.." මම ඇස් රෝල් කරන ගමන් කිව්වා

"ඔයා මගේ යාළුවා!! ඔයා දැනගන්න ඕනේ මං නින්දට කොච්චර ආසද කියලා" යුන්ගි හියුන් මගෙ දිහා බලාගෙන කිව්වා.

"අනේ ඔයා නිදාගෙන ඉන්න විදිහ හරිම වෙනස්... මම ඒක හෝසොක් එක්ක ට්‍රයි කරන්න ඕනෙ " යුන්ගි හ්‍යුන්ග් කාමරයෙන් එලියට යන ගමන් කිව්වා, එතකොට මම පහළ බැලුවා අපේ කකුල් පැටලිලා, මගේ කකුල ජන්කුක් ගෙ කකුල් අතර තිබුණේ. Jungkook හිනා වෙද්දි මම ඉක්මනට බිමට පැන්නා.

"අම්...සොරි..!" මම බාතෲම් එකට දුවන ගමන් කිව්වා, මගේ හදවත වේගයෙන් ගැහෙනවා වගේ දැනුනා, මම දැන් එයාට මුහුණ දෙන්නේ කොහොමද! මං එයාට කැමති කියලා පිළිගන්නවා... ඒත් අපි තවම ඒක-

මම වොශ් දාලා ඉවර වුනාට පස්සේ, Jungkook කාමරයේ නැ කියලා දැක්කා, එතකොට මට සුවදක් දැනුනා,යුන්ගි හියුන් පෑන්කේක් හදනවද කොහෙද මං කාමරෙන් එළියට ඇවිත් kitchen එක දිහාවට යන්න හදනකොට
Jungkook Hosoek hyung එක්ක වාඩි වෙලා කතා කරන ගමන් හිටියා.

𝙿𝚜𝚢𝚌𝚑𝚘 𝓑𝓫𝔂 ♡ Jikook ♡  ✅Where stories live. Discover now