"ලොකු අයියේ...."
තුරුල් වෙලා හිටපු අපි දෙන්නා ඒ සද්දෙට ඉක්මනට දෙපැත්තට උනා.... මම ගිහින් දොර ඇරියා....
"අම්මා අහන්න කිව්වා... රුලන් අලුවා කීයට විතර හදන්න ගන්නද කියලා... ඔයාලා කීයට ද යන්නේ..."
"හතර වෙන්න ඉස්සේල්ලා හදලා දෙන්න කියන්න මල්ලියෝ..."
අපි දෙන්නා ඇදුම් ඇදගන ගෙනියන්න ඕන ඇදුම් පැක් කරන්න ගත්තා.....
"මොනාද බන් හොයන්නේ....."
"මගේ යුනිෆෝම් එකක් නෑ බන්... ඇතුලට අදින ටී ෂර්ට් එකකුත් නෑ..."
දනුවා බිම බලාගෙන හිනා වෙනවා...
"මොකද යකෝ හිනා වෙන්නේ...."
"මම උඹව මතක් වෙන්න කියලා මගේ බෑග් එකට දාගත්තා...."
"බූරුවෝ.... තොට නම් මොලේ කලදක් නෑ.... ටී ෂර්ට් එකයි කලිසමයි ගත්තත් කමක් නෑ... යුනිෆෝම් ෂර්ට් එකේ මගේ නම ගහලනේ තියෙන්නේ..... ඕක උබේ ලොකර් එකක තියනවා දැක්කොත් මරුවට තියෙයි...."
"අවුලක් නෑ... කියන එකෙක් ඕනෙ එකක් කියපු දෙන්... "
"අනේ මන්දා.... මොනා කරත් විහිලුවක් වෙන්න නම් වැඩ කරන්න එපා දනූ...."
හැමදේම ලැස්ති කරගෙන යන්න ලෑස්ති වෙනකොට කවදාවත් නැතිව මට යන්න බෑ කියලා හිතුනා.... අම්මා ලොකු කැවිලි පාර්සලයක් හදලා දුන්නා.... හිතාගන්න බෑ දනු පුදුම විදිහ අපේ ගෙදර අයට එකතු වෙලා තියෙන්නේ.... යන්න ලෑස්ති වෙලා අප්පච්චිට වදිද්දි එයාගේ ඇස්වලත් කදුළු.... මට දනු ගැන පුදුම ආදරයක් ඇති වුනේ... ඇත්තමට උඹ හරි ලස්සනට මගේ බැදිම් උබේ කරගෙන තියනවා කියලා හිතෙනවා... ඒ හැම බැදිමකටම මම වගේම ආදරය කරන්නෙ හරිම අපුරු විදිහට....
"අනේ පුතේ පරිස්සමෙන් වැඩ කරන්න.... ආයෙමත් නිවාඩු ආවාම අපේ ගෙදර ඇවිත් යන්න එන්න...."
"අනේ ඔවු අම්මේ... මට දැන් මේ ගෙදරත් අපේ ගෙදර වගේ තමයි...."
දනු අම්මාට වදින ගමන් කියන විදිහට මට පවු කියලා හිතුනා.....
"අයියේ වීල් එක ආවා...."
මල්ලි එහෙම කියනකොට අපි දෙන්නා බෑග් උස්සගෙන එලියට ආවා.... හැමෝම ගෙදර ඉස්සරහට ඇවිත් අපි යන දිහා බලාන ඉන්නවා....
YOU ARE READING
Beyond Duty || Yizhan
Fanfictionජීවිතේ කියන්නේ මොකද්ද කියලා කලින් කියවලා බලලා තේරුම් ගන්න පුලුවන් එකක් නෙවේ. ඒක විදලා බලලා ජීවත් වෙලා තේරුම් ගන්න ඕනේ එකක්. මොකද සමහර ප්රශ්ණ වලට මගේ ගාව තාමත් උත්තර නෑ. ඇත්තටම වැස්ස අයිති පොලවට ද අහසටද? වැස්ස අයිති අහසට නම් ඇයි වැස්ස අහස අත ඇරලා පොල...