ජීවිතේ කියන්නේ මොකද්ද කියලා කලින් කියවලා බලලා තේරුම් ගන්න පුලුවන් එකක් නෙවේ. ඒක විදලා බලලා ජීවත් වෙලා තේරුම් ගන්න ඕනේ එකක්. මොකද සමහර ප්රශ්ණ වලට මගේ ගාව තාමත් උත්තර නෑ. ඇත්තටම වැස්ස අයිති පොලවට ද අහසටද? වැස්ස අයිති අහසට නම් ඇයි වැස්ස අහස අත ඇරලා පොලවට වැටෙන්නේ? කදුළු අයිති ඇස්වලට නම් ඇයි කදුළු ඇස් අත ඇරලා කම්මුල් දිගේ බිමට වැටෙන්නේ? ඇයි අපි ආදරය කරන දේවල් අපි ගාව තියාගන්න බැරිව මේ ලෝකේ තියන සම්මතයන්ට අනුව රටාවන්ට අනුව අපෙන් ඈත් වෙලා ඒ සම්මතය විසින් තීරණය කරපු තැන් වලටම යන්නේ? ඒත් අපි කවුරුත් දන්නේ නෑ අහස අත් ඇරලා එන වැස්සේයි ඇස් අත ඇරලා එන කදුළුයි විදින වේදනාව.
44 parts