තෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින් දුන්න එකම වැඩේවත් කරන්න බැරි උනාද කියලා බැනුම් කෝටියයි. "අභිමන්ත ප්රසන්ට් ටික රෙඩිද කියලා සර් අහනවා" "හරි හරි මට කියලා අත් දෙකයිනේ තියෙන්නේ. දෙයියන්ට වගේ අත් හතර පහකුයි. ඔලු දෙක තුනකුයි තිබුනම් විනාඩි දෙකෙන් පැක් කරන්න තිබුනා" ප්රසන්න අයියා ඇවිත් අහපු විදිහට මල පැන්නා. තෑගි හැත්තෑ පහක් විතර තනියෙන් පැක් කරනවා කියන්නේ පිස්සු හැදෙනවා. පොඩ්ඩක් පැක් කරගන්න රැපින් පේපර් අල්ල ගන්නවත් එකෙක් නෑ මෙතන. "හරි හරි කුටු කුටු ගගා මට බයිනේ නැතිව ඔය ටික වාහනේට දාමු" මම මුකුත් කියන්න ගියේ නැතිව කට වහගන වැඩේ කරා.
32 parts