22 වන කොටස

562 119 8
                                    

බස් එක කදු වටේට කැරකි කැරකි ගිහින් නුවරඑලියට ටිකක් ලංකරලා රෑ කෑමට නතර කලා....

තෙනුජ කිව්වා වගේ මන්දේව් කින්නේ පොඩ්ඩක් සංවේදි චරිතයක්.... එයාට ගමන් වෙහෙස තදින්ම දැනිලයි තිබුනේ.... ඒක නිසාම දිගටම වගේ මට තුරුල් වෙලා නිදාගන්න එකමයි කලේ.... හැමෝම කන්න බහිනකොට එයාටත් කමුයි කියලා කතා කලේ මටත් බඩගින්නක් දැනුන නිසා.... අනික කොහොමත් මේ සීතලට බඩගින්න ඩබල් වෙලා දැනෙනවා....

"දේව්....දේව්... නැගිටින්න..... කෝ අපි මොනා හරි කාලා නිදාගමු.... මහන්සියිද ඔයාට..."

"කන්න බෑ අභි.... ඔලුව රිදෙනවා වගේ මේ කැරකි කැරකි යන විදිහට.... මට කන්න බෑ ඔයා මොනා හරි කාලා එන්න යන්න...."

"අවුලක් නෑ එහෙනම් වත්තට ගිහින්ම මොනාහරි කමු...."

දේව් ට ගමන් මහන්සිය ගොඩක් වැඩි කියලා එයාගේ මූනෙන්ම පේන නිසා වද කරලා එක්ක යන්න හිතෙන්නෙත් නෑ ....

ජිවිතේ පලවෙනි වතාවට තවත් එකෙක්ගේ පීඩාවක් මගේ පීඩාවක් විදිහට දැනුනා.....

හරියට ඌ නැතිව මට හුස්ම ගන්න බෑ වගේම ඌ හුස්ම ගත්තේ නැත්නම් මටත් හුස්ම අරගෙන වැඩක් නෑ වගේ හැගීමක්.....අනික ඇත්තටම පුදුම හිතෙනවා අම්මාට උණ ගැනුන වෙලාවක "මට කන්න බෑ පුතේ උඹලා ඔය තියෙන දෙයක් බෙදාගෙන කාපන් " කියලා කිව්වම කිසි අවුලක් නැතිව කෑම බෙදගෙන කාලා තියවා..... ඒත් මේ මාසදෙක තුනකට කලින් ජිවිතේට ආපු මිනිහට කන්න බෑ කිව්වම කෑම කටක් උගුරෙන් පහලට දාගන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියලා තේරෙන්නේ නෑ.......

"අනේ රත්තරනේ කිව්වම අහල පලයන්කෝ...."

"ප්ලිස් කරදර කරන්න එපා දේව්... මට අවුලක් නෑ... මට උඹ ඔහොම ඉන්නකොට මෙතන දාලා ගිහින් මට කන්න බෑ නෙහ් බන්..... මට උබේ ආදරය විතරක් නෙවේ උබේ හැම සතුටක්ම වේදනාවක්ම දුකක්ම බෙදාගන්න ඉඩ දියන් දේව්.... උබේ හැම දෙයකටම මාව කොටසක් කරගනින්...."

බලාන ඉන්න කොට කොල්ලගේ ඇස්වලට කදුළු පිරිලා ආවා........

"බූරුවා.... විකාර කියවනවා මෙතන මගුල... මූ මාව හනිමූන් නෙවේ මළගෙදරක එක්ක යනවා වගේ නෙහ් අඩවන්නේ..."

A Sign of Affection || YizhanOpowieści tętniące życiem. Odkryj je teraz