16 වන කොටස

618 126 16
                                    

තවත් අලුත් දවසක්....

ඉස්කෝල කෝඩිනේශන් වැඩේ පොඩියට පටන් ගත්තට ලේසි නෑ කියලා මට දැනුනා... මොකද ගොඩක් දේවල් ගැන හොයලා බලන්න තියන නිසා.... ඔය අතරේ තමයි මියුසික් ඉන්ස්ටෘමන්ට් වගයක පොඩි අවුලක් තිබිලා ඒක හොයාගන්න ට්‍රයි කලේ...

ඒත් ඒවා භාරදීලා තිබුනේ තෙනුජට නිසා ඌව හොයාගෙන යන කොට ඌ වැඩට ඇවිත් නෑ කිව්වා... ෂුවර් එකට අර පිස්සට අසනීපෙ වැඩි වෙන්න ඇති..... ඒක නිසා කොකටත් කියලා මම උගේ ෆොන් නම්බර් එක හොයාගෙන කොල් එකක් ගත්තා....ටික වෙලාවක් රින්ස් ගිහින් ආන්සර් කලා

"හෙලෝ.. මම අභිමන්ත කතා කරන්නේ... මේ තෙනුජ ද....."

එක පාරම අනිත් පැත්තෙන් උත්තරයක් තියා කිසිම සද්දයක් ආවේ නෑ.......

"මම මේ ස්කූල් එකේ මිසුසික් ඉන්ස්ටෘමන්ට් වගයක් ගැන දැගන්න කතා කරන්නේ...."

"සොරි දිනෙත් නෑ පොඩ්ඩක් එලියට ගිහින්....."

අමාරුවෙන් වගේ කතා කරන කොට මට කවුද කියලා දැනුන පාර අහන්න යන දේත් අහන්න බැරි වුනා....

"එතකොට මේ කවුද කතා කරන්නේ කියලා මට දැනගන්න පුලුවන්ද..."

"මිස්ට අභිමන්ත මම අකිත්ම...."

අන්තිමේට ඇති යන්තම් ආඩම්බරකාරයා මෙහෙමවත් කතා කාලා..... මට ඒ කටහඩ කන්දෙක ඇතුලෙන් දෝංකාර දෙනවා වගේ දැනුනා..... එක පාරම මොනා අහන්නද කියලා හිතාගන්න බැරි උනා.... ඒත් ෆෝන් එක තියන්නත් හිත දෙන්නේ නෑ.....

"සොරි මිස්ට මන්දේව් ඔයා අසනිපෙන් ඉන්න කොට කරදර කලා නම්.... දැන් කොහොමද අසනිපේ..."

"පොඩ්ඩක් විතර අඩුයි..... "

"බෙහෙත් ගෙනාවද....."

"ඔවු..... මම දිනෙත් ආවාම කොල් එකක් ගන්න කියන්නම්... මට නම්බර් එක දෙන්න..."

"සොරි මගේ ලග ෆෝන් එකක් නෑ..... හ්ම්ම්ම්....  කමක් නෑ මම වෙන කාව හරි කන්ටැක්ට් කර ගන්න බලන්නම්...."

"ආ..හරි... "

"හරි මම තියන්නම් තෙරුවන් සරණයි....."

"තෙරුවන් සරණයි...."

එහා පැත්තේන් ෆෝන් එක කට් වෙලා ගියත් මට රිසිවර් එක තියන්න හිතුනේ නෑ... මම විනාඩි ගානක් යනකම් ඒක කනේ තියාන හිටියා.....ඇත්තටම මට මේ මොනාද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ නෑ..... මම හිතන්නෙ ඌ මට වඩා බාල කොල්ලේක්.... ඒත් ඇයි ඌ එක්ක බය නැතිව කතා කරන්න බැරිව මේ තරමට ගොත ගැහෙන්නේ.... ඇත්තටම මට මොකද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බෑ....

A Sign of Affection || Yizhanजहाँ कहानियाँ रहती हैं। अभी खोजें