11 වන කොටස

815 146 16
                                    

ඇත්තටම මේ වගේ මිනිස්සු හම්බ වෙන්නේ මම මොන පිනක් කරාටද කියලා හිතාගන්න බෑ.... මම එහෙම්ම කෑම කන්න ගියා... උම්බලකඩ බැදෙන්න දාලා තෙල් දාන ලුණු මිරිසේ සුවදට කටට කෙලත් උනනවා.....

"ආ... මෙන්න කමලම්මේ හිට්ලර් එනවා...."

"මොකක්.... උබේ ආච්චි තමයි හිට්ලර්......."

"අනේ මේ අභි අයියා ඔයා තමයි හිට්ලර්... කිසිම තෙතමනයක් නෑ... අපි තමයි මෙයාව මෙහෙන් යවයි කියලා බයටයි දුකටයි හොටු පොරාන අඩාගෙන දගලන්නේ... මෙයාට ගානක්වත් නෑ කමලම්මා.... මම යනකොට උදෙන්ම නාලා කියලා හැඩවෙලා ඉන්නවා...."

"අනේ මේ පැංචෝ උබේ ඔය අඩවැඩියාව නතර කරගනින්.... එන්න මහත්තයෝ... කිරිබත් කෑල්ලක් කාලා ඉමු.... කොහේ වැඩ කරත් මෙහෙ ඉදලනේ යන්නේ එන්නේ...හරි හරි මහත්තයාට යන්නත් පරක්කු වෙනවා.... පැංචෝ ඔය ලුණුමිස් එක ගෙනෙන්...."

මම කෑම කාලා මට කලින් වැඩ කරපු කෙනා දිලා ගිය මගේ ෂෙඩියුල් එක පොඩ්ඩක් බැලුවා.... පේන විදිහට මිනිහ නම් බයික් එකේ ගානට මේ වැඩේ බැලනස් කරගෙන ගිහින් තියෙන්නේ... ඌත් උගේ කෝස් එක ඉවර කරගන්නකම් විතරයි මේ ජොබ් එක කරගෙන ඉදල තියෙන්නේ.... කරන්න දෙයක් නෑ... උගේ ෂෙඩියුල් එකට අනුව අද යන්න තියෙන්නේ ස්කූල් එකකට....

මම බස් එකේ ගිහින් ඉස්කෝලේ ගාවින් බැස්සා... ඇත්තටම මම කලින් ගිය ස්කූල් එකට වඩා ගොඩක් විශාලයි මේක... ළමයිනුත් වැඩියි කියලා මට දැනුනා..... ඔෆිස් එක හොයාගෙන යනකොටම එක පාර වේගෙන් ආපු ෆුට් බෝලයක් වැදිලා මගේ අතේ තිබුන ෆයිල් මිටිය බිමි විසි උනා...කේන්තියෙන් හැරිලා බලනකොට ස්කූල් එකේ පොඩි උන් එක්ක සෙල්ලම් කරන සර් කෙනෙක්... මට නිකම්ම ඔරවලා බැලුනා... මිනිහට හිනා....ඒ එක්කම ඊටත් එහායින් ලමයි සෙල්ලම් කරන දිහා බලාගන ඉදගන ඉන්න තවත් සර් කෙනෙක් කියන්න පුලුවන් කෙනෙක් හිටියා... මට මල පැන්න විදිහට ළමයින්ට හිනා ගියා... උන් ඔක්කෝම හිනා වෙනකොට මගේ කේන්තිය ටික ටික වැඩිවුනා... මම කේන්තියෙන්ම ඇගේ වැදුන බොලේ එයාලාගේ පැත්තට විසිවෙන්න පයින් ගහලා බිම වැටිච්ච ෆයිල් ටික අහුලගන යන්න හදනකොට අර වාඩි වෙලා හිටිය කෙනයි සෙල්ලම් කර හිටිය කෙනයි දෙන්නම මගේ ලගට ආවා....

A Sign of Affection || YizhanWhere stories live. Discover now