හිතේ ඇති වෙච්ච පුංචි පුංචි හීන එක්ක ඒ හැමදේම එක මොහොතකින් නැති වෙයි කියන බයට පපුව ගැහෙන්න ගත්තා.... ඒත් නිවාන් නම් හිනාව තද කරගෙන මගේ දිහා බලන විදිහට මේ බූරුවා මාව ඇදුන්වාද කියලත් හිතුනා....
"එක්ස් කියුස් මී මැඩම්......"
"ආ එන්න දරුවෝ......"
මැඩම් දරුවෝ කියලා කතා කරන කොට මම ගැස්සිලා බැලුවේ නිවාන් දිහා... බුරුවා අහුවෙයන්කෝ උඹව.... ඇත්තටම මූ කියපු විදිහට මම හිතුවේ මහ නපුරු අම්මන්ඩි කෙනෙක් කියලා.... මැඩම් මාරම කරුණාවන්ත අහිංසක කෙනෙක් ඕන කෙනෙක්ට හරිම ආදරයෙන් කරුණාවෙන් කතා කරන්නේ.....
"මැඩම් මේ මගේ යාළුවෙක්... ඒ ලෙවල්ස් කරලා ජොබ් එකක් නැතිව ඉන්නේ..ඉතින් මම කිව්වා කැමතිනම් මෙහෙ වැඩ කරන්න පුලුවන් කියලා."
"ආ... වාඩිවෙන්නකො දරුවනේ.....යාළුවට තේකක්වත් අරගෙන දුන්නද....."
"ආ... ඔවු මැඩම්....."
අපි දෙන්නා සද්ද නැතිව වාඩි උනා... මැඩම් කර කර හිටිය වැඩේ ඉවර කරලා දාගෙන හිටිය කණ්නාඩි දෙක ගලවලා මේසේ උඩින් තියලා මගේ දිහා හිනා වෙලා බැලුවා.....
"මොකක්ද දරුවෝ නම...."
"අභිමන්ත මැඩම්.... අහිමන්ත සේතික ජයවීර....."
"මේකයි අභිමන්ත මම හිතන්නේ යාළුවා කියන්න ඇතිනේ මෙතන තියන තත්වය....."
"ඔවු මැඩම් කිව්වා...."
"යාළුවා හැමදේම කියන්න ඇතිනේ.... මෙතන ටිචස්ලයි අනිත් පොත් පත් උපකරණ වගේ දේවල් ඩිපාට්මට් එකෙන් ලැබුනාට ඉතුරු හැමදේම නඩත්තු කරන්නේ පාලනය කරන්නේ නැදුම්ගහ වලව්වේ ෆන්ඩ් එකෙන්... ඇත්තටම අපිට ඉස්සර නම් මෙතන වැඩට ගන්න ඕන කෙනෙක්ට සැලරි ගෙවන්න හැකියාවක් තිබුනා... ඒත් දැන් එකේ ඉන්න ඩිරෙක්ටර් බෝඩ් එකෙන් යාන්තම් ළමයින්ගේ කෑමට බිමටයි, වතුර බිල් ලයිට් බිල් වගේ පොඩි පොඩි දේවල් කවර් කරගන්න පොඩි ගානකුයි තමයි ගෙවන්නේ.... ඒක නිසා අපිත් අපහසුවෙන් ඉන්නේ මොකද ඩිපාට්මන්ට් එකෙන් ඉල්ලුවත් කවුරුවත් එවන්නේත් නෑ....ඒක නිසා ඔය දරුවටත් යාන්තමින් හරි අපිට බස් ගාස්තුව විතරක් ෂේප් වෙන්න මුදලක් බැලනස් කරලා දෙන්න පුලුවන්... එච්චරයි අපිට කරන්න පුලුවන්... අනික ඔය වයසට කොල්ලෙක් උනාම ලස්සනට අදින්න පලදින්න කැමතියි කියලා අපිත් දන්නවා... ඒත් අපිත් අසරණයි දරුවෝ.... "
YOU ARE READING
A Sign of Affection || Yizhan
Fanfictionතෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින්...