25 වන කොටස

469 103 7
                                    

වැස්සයි මීදුමයි කපාගෙන හෙමිහිට හෙමිහිට බස් එක ගමන පටන් ගන්න විදිහට මගේ මානසික ආතතිය වැඩි වෙනවා...

කිසිම දෙයක් පැහැදිලි නැති බාගේට හම්බ උන පණිවිඩයක් නිසා ඒ බාගෙට ලැබුන පණිවිඩයේ ඉතිරි ටික මගේ නොසන්සුන් සිතට ඕන ඕන විකාර අදහස් එකතු කරලා සම්පූර්ණ කරලා දානවා.... ඒ එකතු වෙන දේවල් නිසා හිතේ බය තවත් වැඩි වෙනවා...

හිත ඇතුලේ මොන පෙරලියක් තිබුනත් දැන් ඕන දෙයකට මූන දෙන්න පුලුවන් ශක්තියක් මටත් ඉන්නවා.... මම තනිවෙලා නෑ කියලා මගේ තුරුලේ ඉන්න දේව් දකින කොට මට හිතුනා.....

බස් එක ගමන පටන් ගෙන විනාඩි දහයක් යන්න කලින් කිකිලිගේ අස්සේ කකුල් පැටවු උණුහුමට රිංගනවා වගේ මගේ බෙල්ල අස්සසේ මූන ගහගෙන දේව් ඇස්දෙකත් පියාගෙන ඉන්නවා... ඌ නිදි නෑ කියලා මට අගවන්න වගේම ලෝක විනාසේ උනත් මම උඹත් එක්ක උබේ හයියට ඉන්වා කියලා කියන්න වගේ මගේ අත තදින් මිරිකලා අල්ලගන ඉන්නේ.... ඇත්තටම උඹ මට මාර හයියක් මන්දේව්.... ඒ හැගිම වචන කරලා පෙරලුවත් උඹට ඇහෙන්නේ නෑ.... ඒක සංඥා භාෂාවෙන් කියන්න හැදුවත් කියාගන්න බැරි තරම් සංකිර්ණ හැගීමක්.......

හිතාගන්න බෑ එක පාරටම මොකද්ද වුනේ කියලා.... අල්ලපු ගෙදර ඇන්ටි කතා කරලා කිව්වේ...

"පුතේ සෝමේ අයියාට හොදටම අසනීප වෙලා ඉස්පිරිරිතාලේ අරගෙන ගියා පුලුවන් ඉක්මනින් එන්න....."

කියලා....

ඒත් හිටි ගමන් හැදුන අසනීපෙ මොකද්ද.... දැඩි බීමත් කම ඇරෙන්න අප්පච්චිට වෙන ඉහෙන් බහින ලෙඩක් තිබුනේ නෑ.... අතේ කීයක් හරි තියනදාට සිකරට් බොන එකයි නැති දාට බීඩි මිටි ගනන් පුච්චලා දාන එකයි තමා කරේ... ඒත් කියන්න තරම ලෙඩක් තිබුනේම නෑ...... කොහොම උනත් තේ වත්තක් කියන්නේ හරියට මූදෙන් වට වෙච්ච දුපතක් කියලා දැනුනේ හදිසියට ටවුමට යන්න සිද්ද වුනාමයි.... බස් එක ගන්න පාරට යන්නත් කිලෝමිටර් දෙක තුනක් යන්න ඕනේ.... කාර් එක තිබුනත් ශිවා තාම ආවේ නෑනේ.... බැරිම තැන ශිවාට කතා කරලා ලග පාත තියන ත්‍රිව්ල් එකක් ගෙන්න ගෙන ටවුමට ආවේ....

හිත ගොඩක් අවුල් වෙලා ගිහින්.... ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියාලා හිතාගන්න බෑ... සියුම් වේදනාවකින් හිත කකියවනවා වගේ දැනෙනවා.. මට ජිවිතේ සතුටක් කියනදේ මේ ලැබුනාමයි... ඒත් ඒ සතුට හිත පුරා විදගන්න විදිහක් නැතිව ගියා..... වින්ද සතුට හේදිලා යන තරමට දුකක් ඒවි කියලා දැන් දැන් බයක් දැනෙනවා....

A Sign of Affection || YizhanWhere stories live. Discover now