26 වන කොටස

432 110 10
                                    

යථාවාරි වහා පූරා පරිපූරෙන්ති සාගරං
ඒව මේව ඉතෝ දින්නං පේතානං උපගබ්බති
උන්නමේ උදකංවඪ්ඪං යථා දින්නං පවත්තති
ඒව මේව ඉතෝ දින්නං පේතානං උපගබ්බති....

පිරිසි කෝප්පේ පිරෙන්න වතුර ටිකෙන් ටික උතුරලා යන්න ගත්තා.... බිංදුවෙන් බිංදුව වතුර එකතු වෙලා මහා සාගරය හැදෙනවා වගේ අපි කරන පිනත් බිංදුවෙන් බිංදුව අප්පච්චිට එකතුවෙන්න කියලා අපි ඔක්කොමලා එකතුවෙලා ප්‍රර්ථනා කලා....

මේ ගෙදර ඇතුලේ අපේ ජීවිත පුදුමාකාර විදිහට වේදනාවට පත් කරත් එහෙම හරි අප්පච්චි හිටියා කියන එක හයියක් කියලා දැන් තමයි මට හරියටම තේරෙන්නේ... හරියට අපේ අම්මා අඩ අඩ කියනවා වගේ මිනිහා කියලා දර ඉපලක් වගේ නමට හිටියත් ඇති කියලා.... අපේ ජිවිතේ ගොඩක් දේවල් ඇති කරපු නැති කරපු අප්පච්ච් අද නිසොල්මන්...

හැමදේම හරියට හීනයක් වගේ..... අපි හැමෝටම ආවා වගේම දවසක මේ හැමදේම අත් ඇරලා දාලා යන්න වෙනවා.... අපි කොච්චර පණ දෙන්න ආදරය කරත් පණ වගේ බලාගත්තත් ආරක්ෂා කලත් දවසක අපිට ආදරය කරන අයව අපිට දාලා යන්න සිද්ද වෙනවා වගේම අපි ආදරය කරන අය අපි දාලා යනවා බලාන ඉන්න වෙනවා... බැදිම් කියන්නේ බැදෙන කොට සතුටක් ගේන ඒත් ලෙහෙන කොට වේදානාවක් ගේන දෙයක්...

මල්ලියි නංගියි අප්පච්චිගේ භුමදානය කරන කොට මන්දේව්ගේ ඇගේ එල්ලිලා කෑගහග අඩන දිහා මම පැත්තකට වෙලා බලාන හිටියා.... මම අප්පච්චි වෙනුවෙන් කරන්න ඕන කරන හැම යුතුකමම කරා.... මේ සිද්ද වුන හැමදේම හරියට හීනයක් වගේ... හතර වටින් අදුර වහගෙන එන කොට අපි කනත්තේ අප්පච්චිව තනි කරලා එන්න ලෑස්ති උනා... මගක් ඇවිදන් ඇවිත් ආපහු හැරිලා බලන කොට අප්පච්චිගේ සොහොනේ ගහපු ඉටිපන්දමි එලියෙන් හතර වටේම ආලෝක වෙලා.... ඒත් අනිත් සොහොන් වල ඉන්න අයට ආදරය කරන අය නැති නිසාද එයාලා අදුරේ ඉන්නේ කියලා හිතෙවා... ඇත්තටම කොයි දේත් ටික කාලයයි කියන දේ තමයි කියන්න තියෙන්නේ... වේදනාව දැනුන අලුත අපි අඩා වැටුනත් කාලයත් එක්ක අපි හැමොගේම හිත්වල තියන තුවාල හොද වෙනවා... නැත්තම් අපි ඒ වේදනාව එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා....

A Sign of Affection || YizhanWhere stories live. Discover now