32 වන කොටස (අවසාන කොටස)

1.3K 151 71
                                    

මෙච්චර දවසක් හිත ඇතුලේ දැවටුනු ඒ වේදනාව නැති වෙලා ගිහින්... හිතට සැහැල්ලුවක් දැනෙනවා... දවස පටන් ගන්නකොට හිත ගොඩක් නිදහස්.... ඒ සැහැල්ලුව මට හොදට දැනුනා

"ඒ නැගිටහන්.... උබේ පස්චාත් බාගෙට එලිය වැටිලා...."

"අනේ නිවාඩු දවසේ පොඩ්ඩක් නිදාගන්න දීලා පලකෝ....."

"මම හිතුවා උඹ අද අපේ ස්කුල් එකේ තියන ප්‍රෝග්‍රැම් එකට එයි කියලා..... හරි අවුලක් නෑ බන්.... "

"මොනාද අශ්වින් කියවන්නේ...."

"ඇයි බන් මම උඹට කිව්වේ මමයි තොරණේ චිත්‍ර ඒ වගේම පොස්ටර් හැම එකක්ම ඇන්දේ කියලා.... "

ඕන කෙනෙක් එක එක විදිහට බැනර්ස් ප්‍රින්ට් කරත් තමන් අතින්ම ඩිසයින් කරන ඒවා අඩුයිනේ...

"හරි යමන් යමන්.... විනාඩියක් දියන් මම එන්නම්..."

ජිවිතේ සමහර තැන් වැරදුනෙත් සමහර තැන්වලදි ගොඩ එන්න බැරි පාඩු සිද්ද වුනෙත් මට අනුන්ගේ හිත් රිද්දන්න බැරිකම නිසා... බැරිදේත් බෑ කියන්නේ නැතිව මම පුලුවන් කියලා කරන්න උත්සහ කලේ අඩුම ගානේ ඒ මනුස්සයා හරි මට වඩා සතුටින් ඉදිවි කියලා හිතලා.... ඒත් ගොඩක් වෙලාවට ඒ බලාපොරොත්තුව ඉටු උනත් අවසානයේ මම දුකෙන් ඉන්න එක තමයි සිද්ද වුනේ..... අදත් ඒ වගේ...

නිදහසේ ඇදුමක් හෝදලා දාගන පොඩ්ඩක් නින්දක් දාලා ඉන්න තිබුන අවස්තාව නැති කරගෙන අනුන් සනසන්න යන්න වෙලා...

ඕන මගුලක් කියලා මම උගේ දඩුමොණරේ නැගලා ගියා... කිව්වත් වගේ මුගේ හැකියාව නම් මාරයි... පට්ට ලස්සනයි.... ඩිජිටල් බැනර් පොස්ටර් කොච්චර ඩිසයින් කරලා දැම්මත් මේ වගේ අතින් කරපුවා කොච්චර ලස්සනද කියලා හිතුනා.....

ඒත් එක්කම මගේ ඇස් ගියේ අපි දෙන්නා බයික් එකෙක් එන දිහා බලාන ඉන්න මන්දේව්ට.... අශ්වින් කියන ඒවා බයික් එකේ එන කොට ඇහෙන්නේ නැති නිසා මම උගේ උරහිසට උඩින් නිකට තියාන කතා කර කර ආවේ...

"ආ... මන්දේව්... කොයි වෙලාවේ ද ආවේ... තැන්ක්‍යූ මචං ආවට....."

මන්දේව් එයාගේ ස්කූල් එකේ යාළුවො ටිකක් එක්ක අශ්වින්ගේ වැඩේට සපෝට් එකක් දෙන්න ඇවිත්.... කට්ටියම කතා කර කර ඇතුලට ගියා... තිබුනේ පොඩි උන්ගේ ලස්සන පොඩි වැඩසටහනක්.... මේ හැමදේම වෙනකොට අශ්වින් හැම වෙලාවකම මගේ ලගින්ම තමයි හිටියේ..... වැඩේ ඉවර වෙලා මොනා හරි බොන්න කියලා හිතාන අපි ඔක්කොම එලියට ආවා....

A Sign of Affection || YizhanDonde viven las historias. Descúbrelo ahora