17 වන කොටස

607 133 17
                                    

"ආ... කොල්ලා පලවෙනි පඩියෙන් ඕනම කරන දේ අරගෙන වගේ.."

නිවාන් ෆෝන් එක ඇද උඩ තියනවා දැකලා ඒක අතට ගමන් කියන කතාව මොකද්ද කියලා මම බලාන හිටියා...

"මේ නිවාන් ජෝක් එපා.... උඹ නේද උදේ අපේ ගේට් එකට ඕක දිලා ගියේ...."

"ඈ...... පිස්සුද බන්... ෆෝන් එක අමතක වෙලා අනිත් එවුන් කොල් කරද්දි ආන්ස්වර්ස් නොකරාම කියන මෝඩ ජෝක් වචන ටිකම උඹට දැම්මට පස්සසෙයි මට මීටර් උනේ උඹට ඇත්තටම ෆෝන් එකක් නෑ කියලා....."

"අනේ මේ පිස්සු කියන්න එපා බන්.... "

"අයියො නෑ බන්... අනික් උඹ දන්නවනේ මගේ මොලේට මේ තරම් අහිංසක සංවේදි විදිහට කෙනෙක්ට තෑග්ගක් දෙන්න තේරෙන්නේ නෑ කියලා....."

"ඒත් බන්.... එහෙනම් කවුද මේක දෙන්න ඇත්තේ....."

"මේ මෝඩයෝ... දුන්න එකා ඔය සිම් එකේ නම්බර් එක දාගෙන වෙන්න ඇතිනේ ඕක උඹට එවන්න ඇත්තේ.... ඒක නිසා ෆෝන් එකට සිම් එක දාගෙන ෆෝන් එක ඔන් කරලා බලහන්...."

කිව්වත් වගේ මට එක මතක් උනේ නෑ.. මම හිතන කොට නිවාන් ෆෝන් එකට සිම් එක දාලා ඔන් කරලත් ඉවරයි.... මම ගන්න කියලා හිතේ තියාන හිටිය ෆෝන් මොඩ්ල් එකම තමයි මේ තියෙන්නේ.... ඇත්තටම මේ තරමට මාව හොදට තේරුම් ගත්ත කෙනා කවුද හිතාගන්න බෑ...

***********

අද සෑහෙන කාලෙකට පස්සේ අපේ ගෙදර ටිකක් සුවදට රසට බතක් මාලුවක් ඉදුනා... සල්ලි කියන්නෙ ජිවිතේ නොවුනත් ජිවිතේ ජිවත් කරන්න සල්ලි ඕනේ කියන දේ මට පලවෙනි වතාවට දැනුනා.... ජිවිතේ පලවෙනි වතාවට පිරිමියෙක් විදිහට තමන්ගේ පවුල පෝෂණය කරන්න ශක්තිය තියනවා කියලා මට දැනුනා.... නංගිට තේරුනත් මල්ලිට නොතේරෙන නිසා ඌ අයියේ අරක ඕනේ මේක ඕනේ කියලා උගේ අවශ්‍යතා ලිස්ට් එකක් කියන කොට ලොකු අයියා නැතු පවුලේ බර කරට ගත්තු මට අමුතුම හැගිමක් දැනුනා... මම ඔය වසසේදි ඉල්ලන බැරි කමට හිතේ හිරකරගෙන හිටියත් මගේ මල්ලියේ උඹට ඒ විදිහේ ජිවිතයක් මම උරුම කරලා දෙන්නේ නෑ කියලා මගේ හිතට මමම කියාගත්තා...

කාලෙකට පස්සේ දවල්ට පොඩ්ඩක් ඇදේ පෙරලෙන ගමන් ෆොන් එක අතට ගත්තා... ඇත්තටම මේක කවුරු දෙන්න ඇද්ද....අර පොඩියට ලියාලා දාපු කොල කෑල්ල මම අයෙමත් අරගෙන බැලුවා... අත් අකුරු හරියට කෙල්ලෙක්ගේ වගේ.... ඒත් මේ වෙන කම් කෙල්ලෙක් මගේ ජිවිතේ හතර මායිමට ඇවිත් නෑ.... මේක කවුද දෙන්න ඇත්තේ කියලා හිතා ගන්න බැරිව මම ෆෝන් එක පැත්තකින් තියන කොටම ෆෝන් එක රින්ස් ගිය පාර මාව උඩ ගියා... ඒත් බලන කොට නිවාන්....

A Sign of Affection || YizhanDonde viven las historias. Descúbrelo ahora