14 වන කොටස

626 134 12
                                    

නිවාන්ගේ වචන එක්ක හිතට දැනුන සතුට දරාගන්න බැරි තරම්... ඇත්තටම මම කරේ ඒ දරාගන්න බැරි කරුවලෙන් මිදෙන්න යාන්තමින් ගිනිකුරක් පත්තු කරන්න උත්සාහ කරපු එක විතරයි.... ඒ පුංචි ආලෝකය මේ තරම් දුරට පැතිරේවි කියලා හිතුවේ නෑ....

හිතට දැනුන හැගීමත් එක්ක ඇස්වලට ආපු කදුළු හංගන්න අනිත් පැත්ත හැරෙන කොටම කදුළු වලින් බොදවෙල පෙනුන චායාව අතරින් මෙච්චර වෙලාවක් හොය හොය හිටපු ඒ ඇස් දෙකයි මම දැක්කේ... එයා පුදුම වෙලා වගේ ඇස් ලොකු කරගෙන මගේ දිහා බලාන ඉන්නවා.... මම එහෙම්ම අයෙමත් නිවාන් දිහාවට හැරුනා....

"අනේ කොල්ලෝ මෙන්න මැඩම් කතා කරනවා... මම යන්නම්... මේ... ෆ්‍රී වෙලාවක අපි හම්බ වෙමු... උඹ දැන් ෆීල්ඩ් එකේ නිසා අපේ ස්කූල් එක පැත්තේ වරෙන්... මම යන්නම්...."

නිවාන් මාව බදාගෙන ඉදලා මගේ කොන්ඩේ අවුල් කරලා දිව්වා... පිස්සා... උඹ තමයි මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය......

"යාළුවා මාර විදිහට ආදරෙයි වගේනේ...."

හිනා වෙලා තෙනුජ අයෙමත් මගේ ලගට එන ගමන් ඇහැව්වා....

"ආ...ඔවු... ඇත්තම කිව්වොත් එයා තමයි මාව මේ ජොබ් එකට ගත්තේ.... "

"ආ... ඇත්තද... සර් කතා කරවා... "

"මොන සර්ද ....."

"ප්‍රින්සිපල් සර්......"

මම ඔෆිස් එක පැත්තට යන කොට තාමත් කට්ටිය පිරිලා... මම දොරට තට්ටු කරලා ඇතුලට යන කොටම මාව උඩ ගියා... මම හිතුවේ චෙයාමන් සර් ගිහින් කියලා.... ඒත් එයා මාව දැක්ක ගමන් හිනා උනා.....

"ආ...කොහොමද අභිමන්ත.........අඩුම ගානේ ඊමෙල් එකක්වත් හරි මේල් ඇඩ්ඩ්‍රස් එකකට දාගන්න බෑනේ නේද විජෙසිංහ මහත්තයා......"

"ඒකනේ සර් මම කොයිතරම් කියනවද වැඩක් කරන කොට දඩිබිඩිය නැතිව පොඩ්ඩක් රිලැක්ස් එකේ අවධානයෙන් කරන්න කියලා... වැඩක් නෑ සර් දැන් කාලේ අය අපි කියන දෙවල් ගණන් ගන්නේ නෑ නෙහ්...."

එහෙම කියලා දෙන්නා එක්ක හයියෙන් හිනා උනා... ඒත් දිවාන් සර්ගේ මූනම් කොටියෙකුගේ වගේ.... පැනපු ගමන් හපාගෙන හපාගෙන යන්න පුලුන් නම් මගේ කෑල්ලක්වත් ඉතුරු කරන එකක් නැති වෙයි....මම මුකුත් කියන්නේ නැතිව විජේසිංහ මහත්තයා දිහා බලලා අහක බලාගත්තා.... විජේසිංහ මහත්තයාත් බිම බලාන හිනා වෙනවා... ඒත් චෙයාමන් සර් කතා කරන විදිහට බයයි..... මම දන්නවා මේ වෙච්ච දේ මෙතනින් නතර වෙන්නේ නෑ කියලා.... සමහරක් විට මම කරපු දේට පස්සේ කවදහරි දවසක ලොකු වන්දියක් මට ගෙවන්න වෙයි.....

A Sign of Affection || YizhanOnde histórias criam vida. Descubra agora