03 වන කොටස

1K 177 7
                                    

තාත්තා අම්මට අමු තිත්ත කුණු හරපෙන් බැන බැන මාරගන්න හදනවා ඇහුනත් ඇහුනේ නැති ගානට නංගියි මල්ලියි ඉස්කෝලේ වැඩ.... මට උන් දෙන්නා ගැන පුදුම දුකක් දැනුනේ.... අනේ මට උඹලා දෙන්නව වත් මේ නරා වලෙන් ගොඩ ගන්න පුලුවන් උනා නම් කියලා හිතුනා.... ඇත්තටම අපිට මේ කෑගැහිලි, හැසිරීම් ස්භාවය දැන් හුරුවෙලා...ඒත් පිට මනුස්සයෙක්ට ඇහුනා නම් හිනා වෙනවා... මම සද්ද නැතිව ෂර්ට් එක ලගවලා දාලා ඇදේ පෙරලිලා කොට්ටෙන් කන්දෙක වහගෙන නිදාගන්න උත්සහ කලා.......

*********************

එක පාරම මල්ලි ඇදේ අනිත් පැත්තෙන් බිමට පනින කොට මට ගැස්සිලා ඇහැරුනා.... උන්ට නම් ඉස්කෝලේ යනවා කියලාවත් මේවගෙන් බේරිලා යන්න තැනක් හරි තියනවා.... මම කොහේ කියලා යන්නද.....අම්මාත් හැමෝටම කෑගහ ගහ තේ ෆැක්ට්‍රි එකට යන්න ලෑස්ති වෙනවා...

අද නම් අම්මා උයනවා වගේ.... මොකද අපේ ගෙදර සාමාන්‍යයෙන් නම් කලින් දවසේ හවස අප්පච්චිගේ ක්‍රියා කාලාපය අනුව තමයි පහුවෙනිදා උදේට ලිපි ගිනි මෙලවෙන එක තීරණය වෙන්නේ... ගොඩක් දවස් වලට උනේ හිස් බඩින් අපි තුන්දෙනාට ගෙදරින් එලියට බහින්න වෙච්ච එකයි......

හැමදේම අමතක කරලා ඊයේ ටවුන් එකෙන් ගත්ත ඇප්ලිකෙෂන් එකත් ෆිල් කරගෙන පාරට බැස්සේ රස්සාවකට ඇප්ලයි කරන්න..... හිතේ එකතු වෙලා තියන හැම බලාපොරොත්තුවක්ම හිතේම හිරකරගෙන දන්න කියන හැම දෙවියෙක්ම මතක් කරලා හැමදාම වගේ අදත් ඇප්ලිකේෂන් එකක් පොස්ටි කරලා එලිය ආවේ යන්නේ කොහෙද කියලා හිතාගන්න බැරිව....

"ආ.... අහිමන්ත..... ටවුන් එක පැත්තේ ඇවිත් වගේ....."

නතර කරපු බයික් එකේ හිටිය පොරගේ හෙල්මට් එක නිසා කවුද කියලා අදුර්ගන්න බැරි උනත් නමින්ම කතා කරපු නිසා මාව දන්න කෙනෙක් වෙන්න ඕනේ.... ඒත් කවුද මේ.... හෙල්මට් එක නිසා එක පාරම කවුද කියලා අදුන ගන්න බෑ.... කටහඩ නම් ටිකක් අහලා පුරුදුයි වගේ....

"දැන් ඉතින් සොරි දැකලා පුරුදුයි... ඒත් කවුද කියලා මතක නෑ වගේ කැටයම් දැම්මොතින් නම් හෙල්මට් එකෙන්ම නෙලලා අරිනවා...."

"ඔවු හැබැයි කිව්වත් වගේ දැකලා පුරුදුයි ඒත් කවුද කියලා මතක නෑනෙහ්..."

A Sign of Affection || YizhanOnde histórias criam vida. Descubra agora