12 වන කොටස

669 146 13
                                    

හිත අතුලේ නලිය හැගීම මොකද්ද කියල මට අද‍ර ගන්න බෑ.... මම ඇස් පියාගත්ත හැම වෙලාවෙම ඒ තද දුඹුරු පාට ඇස්මයි මැවිලා පෙන්නේ....

අද ලස්සනට හද පායලා තියන නිසා ජනෙල් ඇරලා ජනෙල් තිර ඈත් කරලා දාලා ලයිට් එකත් ඔෆ් කරලා හද එලිට කිසිම බාදාවක් නැතිව කාමරයට එන්න ඉඩ දුන්නා.... සීතල හුළගත් එක්ක කාමරය පුරාම හද එලිය වැටිලා.... වටපිටාවේ නිහඩ බවත් එක්ක හරිම නිස්කලංක බවක් හිතට දැනුනේ...

මම කොට්ටයක් බිමට දලා සීතල පොලවේ දිගා වෙලා හද දිහා බලාන කල්පනා කලේ මට මේ මොනාද වෙලා තියෙන්නේ කියලා... ඇයි ඒ තරම් එයා ආඩම්බර කියලා හිතාගන්න බෑ... ඊයේ දවසට ස්කූල් එකේ කතා කරන්න බැරි අය පවා මාත් එක්ක අතින් පයින් හිනාවෙලා කතා කරන කොට මේකා මාත් එක්ක කට කොනකින් යාන්තම්න් නොන්ඩියට වගේ හිනා වෙලා ගිය එක විතරයි කලේ.... ඒකත් අර උගේ නැට්ට මොනා හරි කිව්වොත් විතරයි... මට තියන ප්‍රශ්නේ ඌ එහෙම කලාම මට තියන අමාරුව මොකද්ද කියලා... ඒක නිසා මමත් ගණන් ගනනේ නැතිව ඉන්නවා කියලා හිතා ගත්තා.... ඒත් ආයෙමත් කැරකිලා හිතට වද දෙන්නේ ඇයි ඌ ඒ තරම් නපුරුකම් මටම කරන්නේ කියලා.... මම ඌට කිසිම වැරැද්දක් කරලත් නෑ... අනික දැක්ක විදිහට ඌට හැමෝම ආදරෙයි....

එයා ඊයේ දවල් ක්ලාස් එකේ ළමයි ටිකට ටෙස්ට් එකක් දීලා ක්ලාස් එක ඇතුලේ එහාට මෙහාට ඇවිදින ගමන් ලමයි ඒක කරන දිහා එයා බලාන හිටියා මම දැක්කා... අමුතුම ආඩම්බරයකින් අත්දෙකත් පිටිපස්සට බැදගෙන ඉස්සරට යනවා හැරිලා ආපහු එනවා... ඇගට තද වෙන්න ඇදලා ඉන්න කලිසමයි ෂ‍ර්ට් එකයි නිසා ඇගේ හැඩයත් මාරම ලස්සට පේනවා......ඒක දිහා බලාන ඉද්දී මටත් ආසා හිතුනා ඒවගේ ආඩම්බර ගමනකින් ඒ විදිහට අත් දෙකත් පිටිපස්සට බැදගෙන ඇවිදින්න...

පාන්දර කිට්ටුව දැනුන සීතල වැඩි කමට මම ජනේලේ වහලා දාලා ඇදට පැන්නා.....

වෙනදා ඇහැරෙන වෙලාවටත් කලින්ම අද ඇහැරුනා... වෙනදා නොදැනුන උනන්දුවක් හිත ඇතුලේ නලියනවා වගේ දැනෙන්නේ... හරියට මට ස්කෝලෙට මේ දැන් ඉගිල්ලිලා යන්න තරම් ආසයි වගේ අමුතු හැගීමක් ඒක... ඒ ඇයි කියලාවත් ඒ හැගීම හරියටම මේකයි කියල වත් කියන්න තේරෙන්නේ නෑ... ඒත් ඉක්මනට යන්න ඕනෙ කියන ආසාව, අමුතුම උද්‍යෝගය හිත ඇතුලේ මාරම විදිහට නලියනවා.... ඒ නිසාම සුපුරුදු වෙලාව එනකම් ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්න බැරි නිසා ඇදෙන් නැගිටලා ඉක්මට ලෑස්ති වෙලා පහලට දිව්වා.....

A Sign of Affection || YizhanWhere stories live. Discover now