27 වන කොටස

429 108 11
                                    

මේ හැමදේම මෙහෙම වෙන කොට මට දරාගන්න බැරිම කාරණය උනේ මන්දේව් මාව මග අරිනවා කියලා දැනුන එක...

මම දිගින් දිගටම රන්ඩු කරගෙන ඌව මාත් එක්ක තියාගන්න හැදුවත් ඒක නරත වුනේ තෙනුජ යි මායි මාරාගන... ඇත්තටම තෙනුජ කියන්නේ මන්දේව් ගේ සහෝදරයෙක් වගේ... ඌට දාරගන්න බැරි වුනා දේව් දුක් විදිනකොට... අපි දෙන්නා රන්ඩු කරන කොට මිනිහා මැදිහත් නොවී ඉන්න උපරිමෙන් උත්සහ කරා... ඒත් අන්තිමට අපි දෙන්නාගේ අරවුල් වලට තුන්වෙනියෙක් මැදිහත් වෙන තත්වෙටම ආවා...

ආදරය කරන්න පටන් අරගෙන ආදරයෙන් බලාගන්න ආදරයෙන් ලග තියාගන්න පොරොන්දු වෙලා අමාරුවෙන් ඇති කරගත්ත අපේ බැදිමට ඇස්වහ වැදිලා පිච්චිලා ගියා වගේ උනා....

ප්‍රශ්නයක් උනාම දෙන්නා අතරේ කතා බහ කරලා විසදගන්න බැරුව තවත් මනුස්සයෙක් එහෙමත් නැත්නම් තුන්වෙනි පාර්ෂවයක් ඒකට මැදිහත් කර ගන්න තත්වෙට අපි දෙන්නාගේ බැදිම අපේ ආදරය දුර්වල උනා.... වැටිච්ච, යන්තම් හරි පලුදු වෙච්ච බැදිමක් වැටිලා නතර වෙන්නේ නෑ... ඒක අනිවාර්යයෙන්ම බිදිලා යනවා.... ඒක තමයි ස්භාවය....

මේ හැමදෙම කොහොම සිද්ද වුනත් මට දාරගන්න පුලුවන් උනා.... ඒත් දරාගන්න බැරිම කාරණය වුනේ මන්දේව් ඉස්කොලෙන් අයින් වෙලා එකපාරම අතුරුදහන් උන එක... වෙනදා ඇනෙක්ස් එකේ ඉදලා ටවුන් එකට යනවා කියලත් මට මැසේජ් කරන මිනිහා ජිවිතෙන් පැරදිලා යනවා වගේ මට නොකියාම යන්න ගියා....

මනුස්සයෙක් විදිහට මම දරාගන්න පුලුවන් උපරිමෙන් දරාගන ජීවත් උනේ.... මොන දේ කොහොම උනත් කාලය කියන දේ මේ හැමදේටම උත්තර දෙයි කියන බලාපොරොත්තුව මගේ හිත ඇතුලේ තිබුනා....

ජිවිතේ අන්තිම අඩියට වැටුන හැම වෙලාවකම නිවාන් මගේ ජිවිතේට ආවා වගේ මේ පාරත් මගේ ගැලවුම්කාරයා උනේ නිවාන්.... ඒ ගැලවුම්කාරයාටත් මෙච්චර කල් හංගපු හැම රහසක්ම මම එලියට දාලා හිත නිදහස් කරගත්තා.... කතාව කියද්දී බයක් දැනුනත් නිවාන් මොන විදිහට මේ දේවල් භාර ගනීද කියලා හැමදාමත් වගේ මනුස්සයෙක් විදිහට මානුෂියව මිනිහා මගේ ප්‍රශ්නේ දිහා බැලුවා.....

A Sign of Affection || Yizhanजहाँ कहानियाँ रहती हैं। अभी खोजें