23 වන කොටස

619 113 12
                                    

මම ටවල් එකත් ඇදගෙන අරූට බැන බැන බාතෲම් එකට ගියා.... වොෂ් එකක් දාගෙන එලියට එන කොට දේව් ත් වටල් එක ඇදගෙන සීතල යන්න උඩින් බෙඩ්ෂීට් එකක් පොරවගෙන මම එනවා දැකලා බෙඩ්ෂීට් එක පැත්තකට දාලා බාතෲම් යන්න නැගිට්ටා.... ඒ නිරුවත් පපුව පුරා මගේ ඇස් දුවන එක නතර කරගන්න අමාරු නිසා මම පැනපු ගමන් කොල්ලව බදාගත්තා..... ඌත් මුකුත් කියන්නේ නැතිව හිනා වෙලා මාව තුරුල් කරගත්තා... ඒ හිනාව හරිම ලස්සනයි..

"පොඩ්ඩක් හිටපන් වොෂ් එකක් දාගන එන්නම්... දාඩිය ගදයි මගේ ගාව...."

මගේ හැගීම් සීමාව ඉක්මවා යන්න හදනවා වගේ දැනුන නිසා මන්දේව් හෙමිහිට ඈත් වෙන්න හදන ගමන් එහෙම කිව්වා....

"හරි.... හැබැයි මේ නාන්නේ එහෙම නෑ... "

"හරි හරි....."

මම ඇදුමක් දාගන්න හදනකොටම කවුරු හරි දොරට ගැහැව්වා.....

"ආ...ශිවා... "

"මාතියා තේ ලේෂ්ති කරන්නද...."

"පොඩ්ඩක් ඉන්න ශිවා... මාත් එක්ක ආපු අනිත් මහත්තයත් ආවාම අපි දෙන්නම එන්නම්.....නැත්තම් මේ සීතලට තේක ඇල් වෙයි..."

මම බෙල්ලයි පපුවයි අත්වලින් කවර් කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන ගමන් කතාකලා.... ශිවා ගියාට පස්සේ දොරත් වහලා මමත් සීතලට හරියන්නම කියලා බෙල්ලට එනකම් වැහෙන්න කොලර් තියන ටි-ෂර්ට් එකක් ඇදගත්තා.... ඒත් කී තැනක් කියලා වහන්නද මේ යකා උගුරු දන්ඩ හරියෙත් හපලා...... ටිකකින් මන්දේව් බාතෲම් එකෙන් එලියට ආවා......

"මොනාද බලන්නේ......"

තවත් බලාගන ඉන්න බැරිම තැන ලගට ඇදලා ගත්තු දේව් ව පපුවට තුරලු කරගෙන මම කිස් කරද්දී මේච්චර වෙලාවක් ගතට වද දුන්න ඒ සීතල කොහෙද කියලා හොයාගන්න නෑ.... මගේ ඇගට තද වෙලා ඉන්න නිසා දේව් ගෙත් හැගීම් අවදි වෙලා කියලා දැනුනා... මම ආයමත් සීමාව පනින්න ලංවෙන කොටම දේව් පොඩ්ඩක් ඈත් උනා....

"මේ අර මිනිස්සුන්ට නිදාගන්න දෙන්නේ නැද්ද අභි... යමන් ඉක්මනට තේකක් බීලා එන්න ...."

"ආ... හරි හරි....."

ඒත් එහෙම කිව්ව පලියට ඈත් වෙන්න ලෝබයි... ආයමත් එහෙම්මම විනාඩියක් විතර ඌව තුරුල් කරගන ඉදලා අපි දෙන්නා ඈත් වුනා...

A Sign of Affection || YizhanWhere stories live. Discover now