13 වන කොටස

670 144 12
                                    

චෙයාමන් සර් කතාව ඉවර කරනවාත් එක්කම ප්‍රින්සිපල් සර් කතා කරන්න ගත්තා.......

"ඇත්තටම සර් පටන්ගන්න හැම දේකම උනන්දුව කාලයක් එක්ක ටිකක් අඩුවෙන එක තමයි ලෝක ස්භාවය... ඒ ධර්මතාවය හැමදේටම පොදුයි... ඒක නිසා අපි හිතනවා සරණක් පිහිටක් අවශ්‍ය මේ වගේ දරුවන්ගේ හෙට දවසේ ජිවිතෙ සාර්ථක කරලා දෙන්න ඔබ තමුන්නාසේලාගේ සහයෝගය තව දුරටත් අපිට ලබාදේවි කියලා.... තව පුංචි ඒත් විශේෂය දෙයක් කියන්න ඕනේ.... සමහර මිනිසු ඉන්නවා සද්ද බද්ද නෑ... ඒත් ඒ මිනිස්සු මේ ලෝකේ ලොකු වෙනසක් කරනවා... මේ වෙලේ අපේ කොඩිනෙටර්ව අපිට අමතක කරන්න බෑ... මම හිතන්නේ අභිමන්ත තමයි මේ හැමදේම වෙනස් කලේ.... ඇත්තටම අභිමන්ත මම හැමෝම ඉස්සරහා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන කැමතියි... මොකද තේරුමක් නැති වැඩක් කරලා මගේ කාලයත් කාලා දානව වගේ හැගිමෙන් තමයි ඔයා මගේ ගාවට ඇවිත් විස්තර අහන කොට මම උත්තර දුන්නේ... මම හිතුවේ නෑ මේ ඊයේ පෙරේදා අලු ගසාදාලා ලොකු වෙච්ච මේ පොඩි කොල්ලා මේ වගේ දෙයක් කරාවි කියලා.... එක අතකින් මගේ සිතුවිලි වැරදි නෑ... මොකද දැන් හැදෙන පරම්පාරවේ මිනිස්සු කොයි තරම් ආත්මාර්ථකාමීද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ... ඒ වගේ අය අතරේ තවත් මනුස්සයෙක් ජිවත් කරන්න තව මනුස්සයෙක් තමන්ට වඩා හොදින් ඉන්න ඕනේ කියන හැගිමෙන් දෙයක් කරන්න හදනවා කියන්නේ විහිලුවක් වගේ දැනෙන්නේ.... ඒත් ඔයා අපිට නිහඩව කියලා දුන්නා වැඩක් නැති කළු ගල් ගොඩවල් අතරේ ඉදලා හිටලා මැණික් මතුවෙනවා කියන දේ.... මිනිස්සු විදිහට අපි හරි ඉක්මනට කඩා වැටෙනවා.... බලාපොරොත්තු බිදිලා ගිය මොහොතක නැවුම් බලාපොරොත්තු අරගෙන ඔයා මෙහෙම ඒවි කියලා අපි හිතුවේ නෑ.... ඒ කොහොම උනත් ඇත්තටම මම මගේ මුලු හදවතින් ඔයාට සුභ පතනවා වගේම ඉදිරියට ඔයාගේ රාජකාරි කරටයුතු වලට අපේ පුර්ණ සහයෝගය ලබාදෙන්නත් පොරොන්දු වෙනවා...... ඔයා නිහඩව අපිට ලොකු පාඩමක් කියලා දුන්නා අභිමන්ත... කවුරු තමන්ට කොහොම සැලකුවත් ගණන් ගත්තේ නැති උනත් අපේ පැත්තේන් ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමේ අපි කරවා කියන දේ ඔයා කරලා පෙන්නුවා.... ස්තුතියි ඔබට සදාතනික අදුරක සදාතනික නිහැඩියාවක ජිවත් වෙන මේ සමාජයේම කොටසක් වෙච්ච මේ අහිංසක පුංචි දරුවන්, උගන්නන ගුරුවරුන් වෙනුවෙන් දෙයක් කරන්න උත්සහ කලාට.... ස්තුතියි හැමෝටම..."

A Sign of Affection || YizhanWhere stories live. Discover now