21 වන කොටස

627 126 10
                                    

එක පාරම තෙනුජයා ගෙන් කෝල් එකක් ආවා... දුකත් හිතෙනවා.. වෙන උන්ට වගේ කෝල් ආවා කියලා ඒකේ සද්දෙට කොල්ලට ඇහැරෙයි කියලා දෙයක් නෑ නෙහ්.....

"හොලෝ...... සොරි ඩිස්ටබ් කලාට ඇත්තටම දෙයක් අහන්න ගත්තේ බන්...."

"ඒ පාර මොකක්ද..."

"අනේ මචං ඇත්ත කියහන් උඹට ඕකව ඕනේද එපාද....එපා නම් මේ දැම්මම අත ඇරහන් කොල්ලෝ.... නැත්නම් ඕකා නොකා නොබී ඉදලම මැරෙයි......"

"දැන් මට මූව නැති උනොත් මමයි නොකා නොබී මැරෙන්නේ තෙනුජ......"

"ඒ කියන්නේ උඹ සිරාවට කොල්ලට ආදරය කරනවා නේද......"

"ඔවු බන් ඔවු.... මූ මගේ පණ බන්... මම මූව දැක්ක පලවෙනි දවසේ ඉදන්ම මූට පණ වගේ ආදරේ කලා..."

"සිරාවටම....අම්මෝ ඇති යන්තම්..... මේකා මගේ සහෝදරයා වෙලා ඉන්න කාලේ පොඩ්ඩක් සද්දේ දාපු ගමන් බඩු හරි... මම කියන විදිහට ඉන්නවා... ඒත් ඒකා උබේ වෙච්ච දවසේ ඉදලා මට කොන්ට්‍රොල් කරන්න බෑ බන්....මට ඕකව මගේම දරුවෙක් වගේ බන්..... පහුගිය කාලෙම මාරම අවුලෙන් හිටියේ... මොකද ඌට ගහලා කරලා මට ඌව නවත්තන්නත් බෑ.... පොලොවේ හැපි හැපි අඩද්දී ඉල්ලන දේ මට ගෙනල්ලා දෙන්නත් බෑ..."

"දුක්වෙන්න එපා උබේ සහෝදයා මගේ පණ වගේ මම බලාගන්නවා බන්.... "

"තැනික්යු බන්..... කෝ දැන් මිනිහා......"

"මේ ඉන්නේ මගේ පපුවට තුරුල් වෙලා නිදාගන... හොදටම නින්ද ගිහින්....."

"අනේ...ඇත්තටම.... අනේ මගේ අහිංසක හිගන්නා බන්... ඕකා දවල් නිදා ගන්නේ උගේ හිත සැහැල්ලු උනාමයි.... එහෙම නැත්තම් ගොඩක් ලොකු සතුටක් දැනුනාමයි... ඊට පස්සේ ඌ ඒ ගැන හිත හිතම නිදාගන්නවා.... "

"ඒක වෙන්න ඇති බන්.... හරිම අංහිසක සැහැලු හිනාවක් එක්ක නිදාගෙන ඉන්නේ...."

"අනේ මගේ අහිංසකයට දුකක් නොදි බලාගනින් අභි මම ඉල්ලන්නේ එච්චරයි......."

"මම උඹට පොරොන්දු වෙනවා බන්... මේ... ඇති... ඇති විකාර කියෙව්වා.... බඩගිනයි බන්.... ඉන්න තැනකින් වරෙන් ඉක්මනට......"

"ඇයි උඹලා කෑවේ නැද්ද...."

"නෑ බන්... උඹ ගියා විතරයි මේ පිස්සා මාව කාමරයට එක්ක ඇවිත් මට හොරෙන් ගත්ත ෆෙටොස් පෙන්න පෙන්න හිටියා.... එහෙම්ම නින්ද ගියා...."

A Sign of Affection || YizhanWhere stories live. Discover now