08 වන කොටස

785 155 9
                                    

"ආ... එන්න මහත්තයා....."

අර ගෑනු කෙනා මම එනකම් බලාන ඉදලා කතා කලා......මම හිනා වෙලා ඇතුලට ආවා... වැඩ කරන අයට කන්න බොන්න විතරක් නෙවේ උයන්න පිහන්නත් වලව්වේ වෙනම කොටසක් තිබුනා... එක අතකින් ඒකත් හොදයි....ඒක හරි නිදහස් කියලා හිතුනා.....

"වාඩි වෙන්න මහත්තයෝ... දැන් ටිකකට කලින් තමයි විජේසිංහ මහත්තයා ආවේ... මහත්තයාට තේකක් එහෙම දිලා ඔෆිස් එකට එන්න කියන්න කිව්වා......."

මම මුකුත් කියන්නේ නැතුව වාඩි උනා... ඒ එක්කම උණුම උණු ලැවරියා තුන හතරක් එක්ක කිරි එකක් හදලා ගෙනවිත් දුන්නා.... මට නිවාන් කියපු කතාව මතක් උනා.....

"මේ උඹට ඉන්න හිටින්න දීලා කන්න බොන්න දීලා තියාගන්නේ උඹව දරුකමට හදාගන්න නෙවේ.... රෑ දවල් දෙකේම වැඩ ගන්න.... අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරගන්..."

උගේ කතාව ඇත්ත වෙන්න ඇති....... ඒත් ඌ එක කියපු විදිහ හිනා ගියත් ආයෙමත් ඒ වගේ නිදහසේ පිස්සු නටන්න ලැබෙන්නේ නෑ කියලා හිතන කොට දුකක් දැනුනා...

" රස නැද්ද මහත්තයෝ....."

එක පාරම කමලම්මාගේ හඩින් මම ගැස්සිලා ගියා....

"අනේ නෑ කමලම්මේ... ගොඩක් රසයි..."

"අනේ මහත්තයා මේ ටිකට අපේ නමුත් දන්නවානේ...."

"ඔයාලා නිකන් කතා කරන කොට ඇහුනේ... ඒත් අර මාව මෙතෙන්ට එක්කන් ආපු අංකල්ගේ නම විතරයි දන්නේ නැත්තේ... "

"ආ... බංඩාර අයියා......."

කමලම්මාට මොනා හරි මතක් වෙලා වගේ හිනා වෙලා ඇතුලට ගියා..... තේක බොන ගමන් බාගයක් ගිල දාපු ලැවරියා එකේ ඉතුරු ටිකත් දුන් දාන ගමන්ම ගිලලා දාලා තේකත් අඩියටම බීලා මමත් නැගිට්ටා... පැයක් පරක්කු වෙච්ච ටිකට අර මිනිහා මාව ගණන් ගන්නේ නැතිව යන්න ගියා නම් තවත් පරක්කු උනොතින් මොනා කරයිද දන්නේ නැති නිසා මම ඉක්මට ඔෆිස් එක පැත්තට දිව්වා...

"එක්ස් කියුස් මී මිස්ට විජේසිංහ......"

මිනිහා දාගෙන ඉන්න කන්නාඩි දෙකට උඩින් මගේ කකුල් දෙකේ ඉදලා ඔලුවට එනකම් එක පාරක් බැලුවා.... අනේ මන්දා ෂුවර් එකට මේක දාලා ගිය උන් දාලා යන්න ඇත්තේ මේ ගෝතයා එක්ක වැඩ කරන්න බැරි නිසාම වෙන්න ඇති..... කර කර ඉන්න වැඩේටම අවධානය දිලා වචනයක්වත් මාත් එක්ක කතා කරන්නේ නැතුව ඉස්සරහ තියන පුටුවේ වාඩිවෙන්න කියලා අතින් පෙන්නුවා..... කුරුල්ලන්ගේ සද්දේ ඇරුණු කොට ඔෆිස් එකේ ෆෑන් එක කැරකෙන සද්දේ විතරයි ඇහෙන්නේ....

A Sign of Affection || YizhanWhere stories live. Discover now